ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු සුඛෝපභෝගී බස් රථවල කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට අනෙකුත් සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු සහ අතිකාල දීමනා සෑදීමට භාරදී ඇති බවත්, ඔහු විසින් සමහර සේවකයන්ගේ අතිකාල දීමනා කපා දැමීමට පියවර ගෙන ඇති බවත් එහි සේවකයෝ චෝදනා කරති.
මෙම පුද්ගලයා 2007 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ 'බැගේජ් බෝයි' (ක්‍රීඩකයන්ගේ බෑග් රැගෙන යන්නා) ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ පළමු කාර්ය භාරය වී ඇත්තේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ගමන්ගත් බස් රථයේ කොන්දොස්තර (රියැදුරු සහායක) කාර්ය භාරයයි.
කෙසේ වෙතත් මේ වන විට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ කාර්යාල සහායකයෙකු ලෙසද කටයුතු කරන බවට වාර්තා වන අතර, ක්‍රිකට් ආයතනය වැනි බලගතු ක්‍රීඩා සංගමයක සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු පරිහරණය සහ අතිකාල දීමනා සෑදීම වැනි කටයුතුවලට ඔහුව දායක කරගැනීම පිළිබඳව සේවකයන්ගේ බලවත් අප්‍රසාදය පළව ඇතැයිද වාර්තා වේ.
අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදුකළ අතර, එහි මාධ්‍ය කළමනාකරු පවසා සිටියේ මීට ප්‍රථම ඔහු 'බැගේජ් බෝයි' ලෙස කටයුතු කර ඇති බවත්, නිසි පරිදි සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව ඔහුව කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස පත්කර ඇති බවයි. එමෙන්ම ඔහු සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු එහා මෙහා රැගෙන ගියත් ඒවා සෑදීමට හෝ අතිකාල දීමනා සෑදීමට සහභාගි කර නොගන්නා බවද හෙතෙම සඳහන් කර සිටියේය.
මේ සම්බන්ධව තොරතුරු දැනගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය මගින් එහි මානව සම්පත් කළමනාකරු සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළද එම උත්සාහය ව්‍යවර්ථ විය.