ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා අර්ජුන රණතුංග මහතා පත්කිරීමට රජයේ ඉහළම බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට අර්ජුන රණතුංග මහතාව පුළුල් සන්ධානයකින් ඉදිරිපත් කර ඔහුව ජයග්‍රහණය කරවීමට මෙහිදී අවධානය යොමුව තිබේ.
වත්මන් ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාද නැවතවරක් ක්‍රිකට් සභාපති ධුරයට තරග කිරීමට නියමිතව තිබේ. පසුගිය නිලවරණයේදී අර්ජුන රණතුංග මහතා උපසභාපති තනතුරට තරග කළ අතර එහිදී ඔහු පරාජයට පත්ව ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදි අලුත් අවුරුද්ද වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර එයට අර්ජුණ රණතුංග මහතාද එක්ව සිටියේය.
මෙහිදීද මේ සම්බන්ධයෙන් නොනිල මට්ටමින් සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අරලියගහ මන්දිරයේදී අද පැවැති තේ පැන් සංග්‍රහයේදී