ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශේෂිත හැකියාවක් තිබෙන බවත්, කුමන කණ්ඩායම සිටියත් 100%ක් ජයග්‍රහණ ලබාගත නොහැකි බවත් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හා සංගක්කාර අතර ඊයේ (15දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර,
“අපේ ක්‍රීඩකයන්ට විශේෂිත වූ හැකියාවන් තියෙනවා. අපිට ඉතාමත් හොඳ පුහුණුකරුවෙක් ඉන්නවා. ඒ චන්දික හතුරුසිංහ. ක්‍රිකට් ක්‍රීඩකයන්ට වගකීමක් තියෙනවා තමන්ගේ උපරිම සූදානම, උපරිම හැකියාව යොදවා ක්‍රිකට් ක්‍රීඩාවේ හරියට සෙල්ලම් කරන්න,ජයග්‍රහණ ලබාගන්න උත්සාහ කරන්න. ජයග්‍රහණ හැම වෙලාවෙම සියයට 100ක් මොන කණ්ඩායම හිටියත් ලබාගන්න බෑ.
මම ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඊට පෙර විශේෂිත වූ ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා කර තිබෙනවා. නමුත් අපේ කාලයෙත් අපි ඔස්ට්‍රේලියාව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකදී අපේ රටේදී පරාජය කරලා නෑ. නමුත් ලාබාල ක්‍රිකට් කණ්ඩායමක් ඔවුන්ව 3-0ක පරජයකට යොමුකළා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැකියාවක් තියෙනවා ඉතාමත් හොඳ අන්දමින් ක්‍රීඩා කරන්න” යැයි පැවසීය.
ක්‍රීඩා අමාත්‍යවරයා සමග පැවැතියේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සුහද හා සරල සාකච්ඡාවක් බවත්, එහිදී කිසිදු සැලසුමක් පිළිබඳව සාකච්ඡා නොවුන බවත් හෙතෙම එහිදී පැවසීය.
එසේම ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යෑමට ක්‍රීඩා නීතිය, ක්‍රිකට් ව්‍යවස්ථාව හා ක්‍රිකට් ආයතනයේ ව්‍යුහය වෙනස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් කුමාර් සංගක්කාර මෙසේ ප්‍රකාශ කළේය.
“ක්‍රිකට් ගොඩ ගන්නවා කියන දේදී කවුරු ක්‍රිකට් පාලක මණ්ඩලයට ආවත්, එහි ව්‍යුහය හා ව්‍යවස්ථාව නූතන ක්‍රිකට් ක්‍රීඩාවත්, කළමනාකරණයත් පිළිඹිබු වන ආකාරයට දැඩි ලෙස සකස් කළොත් විශාල දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා තමයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අපිව කමිටුවට පත්කළේ. ක්‍රිකට් ව්‍යවස්ථාවත්, ක්‍රීඩා නිතීයත් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කුමන හෝ දේශපාලන නායකත්වයක් එක්ක විතරයි.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවයි, ව්‍යුහයයි හරි විදිහට අලුත් ක්‍රමයකට හදන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරිහමන් විදිහට පාචිචිකරලා හැදුවොත් ක්‍රිකට් ව්‍යුහයයි, ක්‍රිකට් ව්‍යවස්ථාවයි හරියට තියෙයි කවුරු ආවත් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න.”