ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අතුරු තහනමකින් වළක්වා ඇති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පාලනය අතුරු කමිටුවක් යටතට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරියෙක් යටතට පත්කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
අද (31දා) වත්මන් පරිපාලනයේ නිල කාලය අවසන් වන හෙයින් එහි පාලනය පවත්වාගෙන යෑම සඳහා මෙම විකල්ප දෙක පිළිබඳව අවධානය යොමුව තිබේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවී මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ පස් දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත්කිරීමට වැඩි ඉඩක් පවතින බවයි.