ශ්රී ලංකා ක්රිකට් නිලවරණය පිළිබඳව හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් කළ ප්රකාශයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.
මහේල සිය ට්විටර් ගිණුමෙන් උපහාසයක් කරමින් පවසන්නේ " ශ්රී ලංකා ක්රිකට් නිලවරණයට නව මුහුණු රාශියක් ඉදිරිපත්ව තිබීම දැකීමට හොඳ දෙයක්" බවයි.
ශ්රී ලංකා නිලවරණයේ සභාපති තනතුරට තරග වදින්නේ එක් එක් කාලසීමාවලදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති, ලේකම්, උපසභාපති ලෙස කටයුතු කළ පුද්ගලයන් වෙයි.