ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාතරග දිනවීම සඳහා සිදුකරන වංචා, දූෂණ, වැරදි, අල්ලස් හෝ දූෂණ පනතට ඇතුළත් කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා 'අද'ට පැවසීය.
එමෙන්ම ක්‍රිකට් ආයතනයද ක්‍රිකට් ක්‍රීඩකයන්ද අල්ලස් පනතට ඇතුළත් කිරීමට අදාළ නීති සංශෝධනය කරන බවද ජයමාන්න මහතා ප්‍රකාශ කළේය.
ක්‍රිකට් ආයතනය පූර්ණ රාජ්‍ය ආයතනයක් නොවු බැවින් එය අල්ලස් පනතට අතුළත්ව නොතිබුණ බවත්, එසේ වුවද රාජ්‍ය පෞද්ගලික කවර ආයතනයක වුවද අල්ලස් දූෂණසඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පනත් සංශෝධනයට කිරීමට පියවරගෙන ඇති බවද හෙතෙම පැවසුවේය.
ක්‍රීඩා තරග දිනවීම සඳහා සිදුකරන කූට උපක්‍රම, තරග පාවාදීම්, ක්‍රීඩාවේ ගුණාත්මකභාවය අඩුකිරීමට විවිධ කටයුතු සිදුකිරීම් ආදිය අල්ලස් හෝ දූෂණ ගණයට අදාළ වන බවට මේවනවිට ලෝකයේම කතාබහටලක්වී ඇති බවද ජයමාන්න මහතා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය ජුනි මස 02 දා සිට 08 දා දක්වා ඔස්ට්‍රියාවේ වියානා නුවරට රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.
මෙම සම්මුතියට රටවල් 183 ක් පමණ අත්සන් කර ඇති අතර, ශ්‍රීලංකාව පළමු රටවල් 05 ඇතුළත අත්සන් තැබු රාජ්‍යයක් වේ.
දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (United Nations Convention against Corruption) 2003 ඔක්තෝබර් මස 30 දා කෙටුම්පත් කළ අතර, 2005 දෙසැම්බර් 14 දා සිට ක්‍රියාත්මක විය.
ක්‍රීඩා නීතිය සම්බන්ධයෙන් මෙම සමුළුවේදී වැඩිවශයෙන් සාකච්ඡා වන අතර, එම සමුළුවෙන් පසුව ශ්‍රීලංකාවේ නීතියේ සිදුකරන වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරන බවද සරත් ජයමාන්න මහතා පවසා සිටියේය.