රිය අනතුරක් සම්බන්ධ සිදුවීමකදී නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රිඩකයෙක් වන රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩගංවට ගෙන තිබේ. ඔහු හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාද වෙයි.
රපිස්තොලයකින් පහරදී, තර්ජනය කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පහර කෑමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා රොහල් ගත කර ඇත.
ඊයේ දිනයේදි මෙම පහරදිම හා අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති අතර එම අවස්ථාවේදි රමිත් බීමත්ව සිටි බවටද පරික්ෂණවලදී හෙළිව තිබේ. රමිත් විස්සයි20 තරග දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත. එසේම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ විස්සයි20 ලිග තරගාවලියේදී ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරමින් තරග කළේය.