ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 'ක්‍රිකට් උපදේශක' තනතුර භාරගන්නා ලෙස හිටපු ක්‍රිකට් නායකයෙකුගෙන් ක්‍රිකට් ආයතනයේ බලගතු නිලධාරිනියක් දුරකථනයෙන් අමතා ඉල්ලා ඇති අතර, පසුව අදාළ හිටපු නායකයාව අැමතූ ඇයට දොස් පවරා ඇතැයිද 'අද' ට වාර්තා වේ.
මෙම හිටපු නායකයා ඉන්දියාවටද සිය පුහුණු දායකත්වය ලබාදුන් ඉහළම පිළිගැනීමක් ඇති ක්‍රීඩකයෙකි.
පසුගිය කාලයේ මාධ්‍ය අංශයන්ට හා පසුව ක්‍රිකට් ප්‍රවර්ධන අංශයට මාරු වූ මෙම තැනැත්තිය, කිසිදු ගරු සරුවකින් තොරව හිටපු නායකයාට අදාළ ඉල්ලීම යොමුකර තිබේ. පසුව එම නායකයා පවසා ඇත්තේ ක්‍රිකට් උපදේශක තනතුර භාරගන්න යැයි පවසන්න තරම් ක්‍රිකට් ආයතනය තුළ ඇයගේ බලගතුභාවය කුමක්ද යන්නයි. තමාව එම තනතුරට යෝජනා කළ පුද්ගලයාටම (ක්‍රිකට් ඉහළම තනතුරක් දරන නිලධාරියෙකු ) තමාව අවශ්‍ය නම්, ඍජුවම තමන්ට අමතන ලෙස බැන වැදී තිබේ.
මේ අතර මෙම තැනැත්තිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට ඊයේ (27දා) සවස පැවැත්වීමට නියමිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ න්‍යාය පත්‍රයද (AGENDA) ඇය ක්‍රීඩා මාධ්‍යවේදීන්ට යොමුකර තිබේ.
මාධ්‍ය ආයතන වෙත යොමුකළ එම න්‍යාය පත්‍රයේ, ලසිත් මාලිංගට විනය පරීක්ෂණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාද ඇතුළත්ව තිබීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ට දැඩි අපහසුතාවට මුහුණදීමට සිදුවූ බව වාර්තා වේ.
ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මෙවැනි වගකිව යුතු නිලයන් පත්කිරීමේදී මින් ඉදිරියට හෝ බලධාරීන් දෙවරක් සිත බලා කටයුතු කරන්නේ නම්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමය පළදුවීම අවමවනු ඇති අතර, මෙවැනි කරුණු කාරණා හා තමන්ගේ වෘත්තියභාවය නොදැන කටයුතු කරන මෙවැනි පුද්ගලයන් පත්කරන පිරිස් නෙත් විවර කළ යුතු කාලය එළැඹ ඇතැයිද පැවසිය යුතුය.