සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට හා අලුත්වැඩියා කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ජුලි මාසයේදී පැවැත්වමට නියමිත තරගාවලියේදී එක්දින තරග තුනක් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්විමටත් ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව විධායක කමිටු සාමාජිකයන්, ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් එක්ව ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක්ද ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
2011 වසරේදි ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා විවෘත කළ සූරියවැව ක්‍රීඩාංගණයේදී අවසන්වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2015 වසරේ ජුලි මාසයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව වන අතර අවසන් විස්සයි20 තරගය පවත්වා ඇත්තේ 2013 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවය.
සූරියවැව ක්‍රීඩාංගණයේදී මේ දක්වා එක්දින තරග 17ක් හා විස්සයි20 තරග 7ක් පවත්වා තිබේ.