පානදුර ක්රීඩා සමාජය හා කලුතර ක්රීඩා සමාජය අතර පැවැති මතභේදාත්මක තරගයට අදාළව ක්රිකට් තහනම් පැනවූ ක්රීඩකයන් හා නිලධාරීන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත යොමුකර ඇති අභියාචනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ක්රිකට් ආයතය කටයුතු කර තිබේ.
සමන්ත දොඩංවල, ඔෂර පණ්ඩිතරත්න හා චන්න වීරක්කොඩි යන ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටු සමාජිකයන් මෙම ත්රිපුද්ගල කමිටුව නියෝජනය කරයි.
2016-17 ප්රිමියර් ක්රිකට් තරගාවලියේදි පැවැති මෙම තරගයේදී ක්රීඩාවේ ජිවගුණයට හානි කරන අයුරින් පැවැත්වීමේ චෝදනාව යටතේ ක්රීඩකකයන්ට හා පුහුණුකරුවන්ට වසරක තහනමක් හා නායකයන්ට වසර දෙකක තහනමක් පනවා ඇත.