තමා මෙන්ම නව පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්ව කණ්ඩායම ඉදිරියට ගෙන යෑමට කළ හැකි සියලුම දේ කරන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (09දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස්,
“මම නායකත්වය අතහැරියේ ආයේ එන්න බලාගෙන නෙමෙයි. නමුත් කල්පනා කරනවිට මට හිතුනා මෙය අපේ කණ්ඩායමේ සහ රටේ අවශ්‍යතාව කියලා. මට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් දේවල් දීලා තියෙනවා. ඉතින් මාව අවශ්‍ය මොහොතේදී මම පිට හැරෙව්වොත් මම හිතනවා මම ක්‍රිකට්වලට සාධාරණයක් කරලා නෑ කියලා. අපිට තව මාස 18ක් තියෙනවා ලෝක කුසලානයට. විවිධ හේතුන් නිසා අපේ කණ්ඩායමේ ස්ථාවරත්වය බිඳවැටිලා තිබුනා. නායකයෝ කිහිපදෙනෙක් මේ කණ්ඩායම ඉදිරියට රැගෙන යන්න උත්සහ කළා. ඒ හැමදෙනාම කණ්ඩායම ගොඩනගන්න පුළුවන් හැමදේම කළා.
මම හතුරු අයියා ගැන එක දෙයක් දන්නවා. ඒ ඔහු මෙතන ඇවිත් ඉන්නේ 'සර්වයිව්' වෙන්න නෙමෙයි, වැඩක් කරන්න බව. ඒ වගේම අපි දෙන්නම කණ්ඩායම ගැන එක හා සමානව කල්පනා කරන දෙන්නෙක්. කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න අපි දෙන්නම බලාපොරොත්තු වෙනවා. සමහරු කැමති වෙයි සමහරු අකමැති වෙයි. ඒවාට අපිට කරන්න දෙයක් නෑ. නමුත් අපි දෙන්නා කණ්ඩායම ඉදිරියට ගෙනියන්න පුළුවන් සියලු දේ රට වෙනුවෙන් කරනවා. “ යැයි ද පවසා සිටියේය