''තරගයේ සිව්වැනි දින හවස් වනවිටත් තණතීරුව පිතිකරුවන්ට යෝග්‍යව හැසිරුණා. අපි හිතුවා පස්වැනි දිනයේදීත් වෙනසක් නොවේවි කියලා, අපිට බලාපොරොත්තුවක් තිබුණා මෙම තරගය ආරක්ෂා කරගන්න පුළුවන් වේවි කියලා. නමුත් පස්වැනි දිනයේ පළමු පැය අතිශය තීරණාත්මක වුණා'' යැයි තරගය පිළිබඳ අදහස් දක්වමින් බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් පවසා සිටියේය.
අපේ පිතිකරුවන් පස්දෙනෙකු දිවා ආහාරයට පෙර දැවීයාම නිසා අපිට තරගය පාලනය කිරීම අමාරු වුණා. එවැනි තත්ත්වයක් මත අපි දන්නවා අපිට තරගය දිනන්න බැහැ.
ඔවුන් හරි තැනට පන්දුව යොමු කළා, අපිට තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමේ හැකියාව තිබුණා. එය පළමු පැය තුළ තමයි රඳා පැවතුණේ. අපේ සමහර පිතිකරුවන්ගෙන් දක්ෂතා මතුවුණා. ඒ වගේම අපේ පන්දු යවන්නනුත් හොඳින් පන්දු යැව්වා.
තමිම් හොඳට පිතිකරණයේ නියැළුණා. අපේ ධනාත්මක කාරණා අපට වැදගත් වන්නෙ කණ්ඩායමක් ලෙස තරග කිරීමයි. එහෙත් මෙම තරගයේදී අපට ඒක කිරීමට නොහැකි වුණා.
රංගන හේරත් විශිෂ්ට පන්දු යවන්නෙක්. අපිට තිබෙන ලොකුම තර්ජනයත් ඔහුයි. ඔහුට සුභ පතනවා ලොව වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් වමත් දඟ පන්දු යවන්නා වීම ගැන. ඔහු ඔහුගේ සේවය තවත් වසර ගණනාවක් ලබාදීමට හැකිවේවායි පතනවා.
අපේ පිතිකරුවන්ට තවමත් රංගනගේ පන්දු වලට පහර දෙන්න බැහැ. තණතීරුවේ කිසිදු ගැටලුවක් නැහැ. අපිට අවශ්‍යයි ක්‍රිකට් ක්‍රීඩා‘වේ මූලික න්‍යායන් තව ප්‍රගුණ කරන්න. දැන් අපිට කාලයක් නැහැ, එහෙත් අපිට තව අවස්ථාවක් තිබෙනවා තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරන්න.'' යැයි රහීම් පැවසීය.