Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා
ක්‍රීඩා ඇමතිවරායට කොන්දක් තියෙනවා නම් වත්මන් ක්‍රිකට් පරිපාලනය ගැන සොයා බලා කටයුතු කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ මහතා සඳහන්කර සිටින්නේ, කලක් කට පියාගෙන සිටියද, තවදුරටත් එසේ නොසිටින බවයි. වැරදි පුද්ගලයන් ක්‍රිකට් පරිපාලනයට පැමිණ කරන විනාශයට එරෙහිව මිනිස්සු එළියට බැස්සොත් තමන්ද ඒ සඳහා සහයෝගය ලබාදෙන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ විලාසයට සමාන පන්දු යැවීමේ ඉරියව්වක් ඇති යොවුන් ක්‍රීඩකයෙකු වන නුවන් තුෂාර ක්‍රීඩකයාට සිය ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක් සඳහා ඊයේ (16දා) ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී රණතුංග මහතා මේ බව හෙළිදරව් කර සිටියේය. එහිදී අමාත්‍යවරයා සිදුකළ කථාවේ හෙළදරව් කිරීම් සංක්ෂිප්තයක් පහතින් දැක්වෙයි.
ක්‍රීඩා අමාත්‍යතුමා වචනයක් කථාකරන්නේ නැහැ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන
මම දකින විදියට ක්‍රීඩාවක් නිවැරදි ගමනක් යන්න අංශ දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රීඩකයෝ ක්‍රීඩාව කිරීම, අනෙක පරිපාලනය හරි විදියට කිරීම. නමුත් අද වෙලා තියෙන්නෙ ක්‍රීඩාව ගැන කථාකරන්නේ පරිපාලකයෝ. උදාහරණයක්විදියට සභාපතිවරයා දෙපැත්තේ තියාගෙන ඉන්නවා සනත් ජයසූරියවයි, අසංක ගුරුසිංහවයි. හැබැයි ක්‍රිකට් ගැන කථාකරන්නේ සභාපතිවරයා. ඒක හරියට බල්ලගෙ වැඩේ බූරුවා කිරීමක් වගේ වැඩක්. එතකොට ක්‍රීඩකයෝ හදනවා පරිපාලකයො වෙන්න. මේ දෙක වෙන්විය යුතුයි.
අපේ කාලයේ පරිපාලකයෝ එක්ක සාකච්ඡා කරන්න ගියෙ මමයි, අරවින්දයි. අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරලා පුළුවන් දේවල් කථාකරගන්නවා. එතැනින් එහාට කළේ ක්‍රීඩාව කිරීම. අද මම දකින තවත් දුර්වලතාවක් තමයි, ක්‍රීඩකයෙක් සීයක් ගැහුවම පත්තරවලට කථාකරවනවා, මාධ්‍යයට කථා කරවනවා. කවදාවත් මේ දේවල් මේ රටේ සිද්ධ වුණේ නැහැ.
හැබැයි ක්‍රීඩා අමාත්‍යතුමා වචනයක් කථාකරන්නේ නැහැ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන. ක්‍රීඩා ඇමතිතුමාට වගකීමක් තියෙනවා මේ ක්‍රීඩකයන්ව ආරක්ෂා කරගන්න. නමුත් ඒක වෙන්නේ නැහැ. අද ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන දේ පසුගිය කාලයේ වුණානම්, ඒ ක්‍රීඩා ඇමතිවරු මේවට දැඩි තීරණ ගන්නවා. නමුත් අද ක්‍රීඩකයන්ට මාධ්‍යකට කථාකරන එකත් සීමාකරලා තියෙනවා.
අද සභාපතිවරයා ගිහින් ක්‍රිකට් ගැන කථා කරනවා, ක්‍රීඩකයෝ නිකන් ඉඳගෙන ඉන්නවා. අසංක ගුරුසිංහලාව පස්සේ වේදිකාවේ දාලා තියෙනවා.ක්‍රීඩකයොත් දැනගන්න ඕන රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. එක අතකින් ක්‍රීඩකයන්ටත් අද කරන්න දෙයක් නැහැ, මොකද ක්‍රීඩකයෝ මොනවහරි කළොත් ඔවුන්ට බලපෑම් එනවා. මේක අවාසනාවන්ත කාරණයක්.
මම දකින්නේ අද ක්‍රීඩකයන්ගේ 'ක්‍රිකට් ෆිට්නස්' නැහැ කියලා. අනෙක් පැත්තෙන් මානසිකත්වය ගොඩක් දුර්වලවෙලා තියෙන්නේ. ක්‍රීඩකයන්ගේ දක්ෂතා පැත්තෙන් ලෝකයේ කාටවත් දෙවෙනි නැහැ තාම. හැබැයි පාසල් පද්ධතියේ ඉඳන් දැන් එන්න එන්න දුර්වලවීගෙන එනවා. තාම බිම ඇණුනේ නැහැ, ඇනීගෙන යනවා.
අපි එක්දින තරගාවලිය (ඉන්දියාවට එරෙහි) නරක විදියට පැරදුණොත් අපට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩාකරන්න වෙනවා. ක්‍රිකට් ඉතිහාසයේ එහෙම කවදාවත් වෙලා නැහැ. පසුගිය වසර දෙකේ තමයි ක්‍රිකට් විශාල ලෙස වැටුණේ.මොනවද පරිපාලනය කරන්නේ. ක්‍රීඩකයෝ හතළිස් ගාණක් පසුගිය වසරේ සෙල්ලම් කරවනවා. පුහුණුකරුවො මාරු කරනවා. තමන්ගේ හිතවතුන්ව දාන්න හදනවා. මේ හරහා අද ක්‍රිකට් විනාශයන් ඇතිවෙලා තියෙන්නෙ.
ජනධිපතිතුමා පැරදුණු කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගත්තා කියන එක මට අදාළ කාරණයක් නෙමෙයි
ආණ්ඩුවක් හැටියට අපට ඇත්ත කථාකරන්න අවස්ථාවක් දීලා තියෙනවා. හැබැයි මම ජනාධිපතිතුමාට පසුගිය වසර දෙකේ බලපෑම් කරන්න ගියේ නැහැ, කථාකරන්නවත් ගියේ නැහැ. අගමැතිතුමාටත් එහෙමයි. ක්‍රීඩා ඇමතිවරයෙක් ඉන්නවා, ඡන්දයක්තියලා පත්වුණ ක්‍රිකට් පරිපාලනයක් තියෙනවා. වගකීම ගන්න ඕන මේ අය. විශේෂයෙන් ක්‍රීඩා සමාජවල ඡන්දෙ දෙන මිනිස්සුත්.
හෙට මහින්ද රාජපක්ෂ මහත්තයා හරි, රනිල් වික්‍රමසිංහ මහත්තයාහරි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තායා හරි ක්‍රිකට් නිලවරණය ඉල්ලුවොත් ඔය නඩයත් එක්ක දිනන්න බැහැ. මමත් සභාපති හැටියට ඉල්ලලා ඡන්ද 07යි ආවේ. උපසභාපතිට ඉල්ලලා ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට පැරදුණා. හැබැයි මම මහ ඡන්දවලට ගිහිල්ලා හතර වතාවක් දිනුවා.
ඔය ක්‍රිකට් සභාපතිවරයා මහ ඡන්දෙකින් පරදිනවා. සංවිධායකයෙක් වෙලා ඉඳලත්ඡන්ද 20,000ක් ගන්න බැහැ. මහ මැතිවරණය පැරදුණු එකම පුද්ගලයා ආසන සංවිධායක වෙලා ඉඳලා. මට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසනයක් නැතිව ඉඳලා ඡන්ද එක්ලක්ෂ හැත්තෑදාහක් ගන්නවා. මම හැමදාම ආසනයක් නැතිව දිනපු කෙනෙක්. නමුත් බොරැල්ල ආසනයේ ඡන්ද පදනමකුත් තිබිලා, දිස්ත්රික්කයෙන්ම රිජෙක්ට් වෙච්ච මනුස්සයෙක් ඔහු.
මම කියන්වෙ මේක මාෆියාවක්. මේ මාෆියා එකට පසුගිය ආණ්ඩු අවස්ථාවක් දුන්නේ නැහැ. මහින්දානන්ද ඇමතිතුමා (හිටපු ක්‍රීඩා අමාත්‍ය) කියන හැම දෙයකටම මම එකඟවෙන්නේ නැහැ.
නමුත් මට එතුමා ගැනගරුත්වයක් තියෙනවා,වැරැදි පුද්ගලයන්ට එන්න දුන් නැති එක ගැන. මහින්ද රාජපක්ෂ මහත්තයත් මොකක් හරි හේතුවක් නිසා එන්න දුන්නේ නැහැ. ජනාධිතිවරණයේ අන්තිම රැස්වීම තිබුණේ බොරැල්ලේ. අපේ තිබුණේ කොළඹ. එතකොට මෛත්‍රීපාල මහත්තයාට විරුද්ධව කටයුතු කළ ප්‍රබලම කෙනෙක්තමයි අද ඉන්න ක්‍රිකට් සභාපතිවරයා.
ජනධිපතිතුමා පැරදුණු කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගත්තා කියන එක මට අදාළ කාරණයක් නෙමෙයි. නමුත් ක්‍රිකට්වලට වරදක් වෙනවා නම් මම කථා කරනවා. අවුරුදු දෙකක් දුන්නා, දැන් ඇති හොඳටම කාලය. පුහුණුකරුවෝ ගන්නවා. අපේ ඉන්න පුහුණුකරුවෝ අවුරුද්දක් දෙකක් මහන්සිවෙලා පුහුණුවීම් කරලා තරගාවලියකට යනකොට විශාල මුදලක් ගෙවලා ඇලන් ඩොනල්ඩ් ගේනවා.
එයා ඩොනල්ඩ්වවේදිකාවේ තියාගෙන පෙන්නන්ට යනවා කෙරුවාය. දැන් රාමනායක (චම්පක රාමනායක) වුන්නැහෙ යනවා පිටරට. මේ විදියට ගියොත් පරදින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්. සුමතිපාල පරදින්නේ නැහැ.
අද ඉන්න පරිපාලනය පරදින්නෙ නැහැ. ඒගොල්ලෝ හෙට ගෙදර යයි. ඒගොල්ලෝ තම තමන්ගේ ව්‍යාපාරවලට යයි. නමුත් රාමනායකලා, පසුගිය කාලයේ හිටපු අය පිට ගියාම එහි පාඩුව තියෙන්නෙ ලංකාවේ ක්‍රිකට්වලට. ඉතින් මේක ක්‍රීඩා ඇමතිතුමා හා මේ ආණ්ඩුව හොඳින්තේරුම් ගන්න ඕන.
ජනධිපතිතුමා ක්‍රිකට් ගැන මගෙන් අහලත් නැහැ, මම එතුමාට ක්‍රිකට් ගැන කියලා දෙන්න ගිහිල්ලත් නැහැ. එතුමා කවදා හරි ඇහුවොත් මම මොකක්ද කරන්න ඕන කියලා, එවිට මම එතුමාට කියලා දෙනවා. හැබැයි ඉදිරි සති කිහිපය තුළ මම එතුමාව දැනුවත් කරලා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය ගැන ලිපියක් එතුමාටයි, අගමැතිතුමාටයි යවනවා.
එයට තීරණයක් ගන්නවාද නැද්ද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. එම ලිපිය මම මහජනතාවටත් දෙනවා, මෙන්න මම මගේ යුතුකම කරලා තියෙන්නේ කියලා. අපි මේ ආණ්ඩුවහදන්න ජීවිත පරදුවට තියලා එළියට බැස්සේ. මෛත්‍රීපාල මහත්තයාට කට්ටිය හිටියේ නැහැ, කිහිප දෙනයි හිටියේ. හැබැයි එතුමාට විරුද්ධව කටයුතු කළ අය ඇමතිකම් ගන්න එක මට ප්‍රශ්නයක් නෙමෙයි.
අද ක්‍රීඩකයෝ ගොඩක් අසරණවෙලා ඉන්නේ
මම දැක්කා තිලංග සුමතිපාල මහත්තයා කියනවා රවි කරුණානායක මහත්තයාට ඉල්ලා අස්වෙන්න කියනවා. නමුත් මම සුමතිපාල මහත්තයාට කියනවා තමන්ගේ පපුවට තට්ටකරලා බලන්න මට ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්න බැරි ව්‍යාපාර තියෙනවාද, මම මේවායේ හිටියද, මම මේවට යටින් ඉන්නවද කියලා.
අපි කාට බොරු කිවුවත් ඇත්ත කවදා හරි එළිවෙනවා. උඩ ඉන්නවානේ කවුරු හරි, ඒවා හරි විදියට කවදා හරි වෙයි. ඉදිරියේදී හෝ මෙතැන මොනවත් වෙන්නේ නැතිනම්, ලෝක ක්‍රිකට් කවුන්සිලයට අදාළ වාර්තාවක් මම යවනවා.
ක්‍රීඩකයෝ අද අමතක කරන්න හොඳ නැහැ ඒගොල්ල ක්‍රීඩාකරන්නෙ රට වෙනුවෙන් කියලා. ඒගොල්ලන්ගේ යුතුකමක් තියෙනවා මුදල් ඉතිරිකිරීමට වඩා හරි දේවල් කිරීම. ක්‍රිකට් පරිපාලනයත් දැනගන්න ඕන ක්‍රීඩකයන් නිවැරදිව පරිපාලනය කරන්න.
නමුත් පරිපාලකයන්ට ඔවුන්ගේ ජනප්‍රියතාව අඩුවන නිසා ඔවුන්, ක්‍රීඩකයන්ව පාලනය කිරීමට යන්නේ නැහැ. එවිට ක්‍රීඩකයෝ ප්‍රධානීන්ට, ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට වරදක් පෙන්වන්න යන්නෙ නැහැ. අපේ කාලයේ අපි ගිහින් කථා කරනවා. නමුත් අද ක්‍රීඩකයෝ ගොඩක් අසරණවෙලා ඉන්නේ.
ඇයි සුමතිපාල මහතාව මේ රටේ හිටපු ක්‍රීඩා ඇමතිවරු තුන් දෙනෙක් අයින් කළේ
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැට්ටුවට පස්සෙ පරිපාලනය කරන කෙනාට ඕන ඕන විදියට දුවන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්ෂ වෙනකොට පරිපාලනයට ඕන විදියට දඟලන්න බැහැ. අපි ක්‍රිකට් ගහනකොට, තරග ජයග්‍රහණය කරනකොට, අපිට පරිපාලනයත් සමග කථාකරන්න පුළුවන් වුණා. ක්‍රීඩාවේ වගකීම තියෙන්නෙ ක්‍රීඩා ඇමතිවරයාට.
ඇයි සුමතිපාල මහතාව මේ රටේ හිටපු ක්‍රීඩා ඇමතිවරු තුන් දෙනෙක් අයින් කළේ. අතුරුපාලන කමිටු පත්කළේ ඇයි,නුසුදුසු නිසා. කිරිඇල්ල ඇමතිතුමා අයින් කළා, එස්.බී. දිසානායක ඇමතිතුමා අයින් කළා, ජීවන් කුමාරතුංග ඇමතිතුමා අයින් කළා. ඊට පස්සේ සුමතිපාල මහත්තයා නඩු දැම්මා. එක නඩුවක්වත් දිනුවේ නැහැ. සමහර නඩු ඉල්ලා අස් කරගත්තා.
සනත් ජයසූරිය කණ්ඩායමට එනකොට මුල් තරග හතළිහටම ලකුණු 50ක් ගැහුවේ නැහැ
ක්‍රීඩා ඇමතිවරයාට කොන්දක් තියෙනවා නම්, හොයලා බලලා කටයුතු කරන්න ඕන. මම කාලයක් කට පියාගන හිටියා. නමුන් තවත් මම කට පියාගෙන ඉන්නේ නැහැ. වැරැදි පුද්ගලයෝ ක්‍රීඩාව විනාශ කරනවා විතරක් නෙමෙයි, මේ රටේ ගොඩක් දේවල් විනාශ කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන්න මිනිස්සු එළියට බැස්සොත් මමත් බහිනවා.
අනවශ්‍ය දේවල් අයින් කරලා, හරි පරිපාලනයක් එක්ක, හරි පුද්ගලයෝ ටිකක් දාලා, හොඳ තේරීම් කමිටුවක් එක්ක, දක්ෂයන් ක්‍රීඩකයෝ හොයන, ක්‍රීඩකයන්ව තේරීම්ගන්න පුළුවන්තේරීම් කමිටුවක් එක්ක අපි ක්‍රිකට් ගහන්න පටන්ගන්න ඕන.ක්‍රීඩකයෝ කාඩ් පැක් එකක් වගේ විසිකරන්නෙ නැතිව, ආරක්ෂා කරන්න පුළුවන් තේරීම් කමිටුවක් පත්කරගත යුතුයි. තේරීම් කමිටුවට ක්‍රිකට් දැනුමක් තිබිය යුතුයි.
මට මතක විදියට ඒ දවස්වල සනත් ජයසූරිය කණ්ඩායමට එනකොට මුල් තරග හතළිහටම ලකුණු 50ක් ගැහුවේ නැහැ. නමුත් අපි තේරීම් ගත්තා ඔහුට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන කියලා. මට ඒ දවස්වල මාධ්‍යයෙනුත් දොස් කිවුවා දුර්වල කෙනෙක්ට දිගින් දිගටම අවස්ථාව ලබාදෙනවා කියලා.
ඒ වගේම මාවන් අතපත්තු. ඔහුගේ පළමු ඉනිම් පහම බිංදු. එක් තරගයක එක් ලකුණක් ගත්තා. ඒ අපි දැනගත්තා නියම වෙලාවට මෙයා නැගිටිනවා කියලා. ඒ දැක්ම තේරීම් කමිටුවට මම ගිහින් තේරුම් කරලා දුන්නා නායකයෙක් ලෙස. එකල තේරීම් කමිටුවට හිටියා හොඳ දැක්මක් තිබුණු අය. දුලීප් මෙන්ඩිස්, රොයි ඩයස්, මඩුගල්ල වගේක්රිකට් දන්න අය.
චන්දිමාල්, තිරිමාන්න වගේ ක්‍රීඩකයන්ව ආරක්ෂා කරගන්න
නොදන්න අයට ක්‍රිකට් කියලා දෙන්න ගියාම එතැන ප්‍රශ්නයක් වෙනවා. සනත් ජයසූරිය වගේ කෙනෙක්ට වෙන කරන්න ඕන නැහැ. එයාට හිතන්න තියෙන්නෙ එයාව කොහොමද එච්චර කල් ආරක්ෂා වුණේ කියලා. එතකොට එදා දකින දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවානම් එයාට තිබුණා මීට වඩා හොඳට ඔවුන්ව ආරක්ෂා කරගන්න. උදාහරණ හැටියට චන්දිමාල්, තිරිමාන්න වගේ ක්‍රීඩකයන්ව ආරක්ෂා කරගන්න.
විශේෂයෙන්ම අපි කණ්ඩායමක් හැදුවෙ නැහැ. අපි සංගක්කාරවයි මහේලවයි දිගටම ක්රීඩාකරගෙන ගියා. ඒගොල්ලන්ගේ ස්ථාන වෙනස් කරන්න ගියේ නැහැ. ඒ දවස්වල තේරීම් කමිටුවට ඕන වෙලා තිබුණේ කණ්ඩායම ජයග්‍රහණය කරන එක විතරයි.
නමුත් මම 96 පස්සේ පහළට ගියා, අරවින්ද පහළට ගියා. මහේලලා, සංගලා, ඩිල්ෂාන්ලා මැද තැන්වලට දැම්මා. ඒගොල්ලන්ව ආරක්ෂා කරගෙන ගියා පහළ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්. තරුණ ක්‍රීඩකයන්ට නිදහසේ ක්රීඩාකරගෙන යන්න අවශ්‍ය ක්‍රමවේදය හදලා දුන්නා.
අද ක්‍රීඩකයෝ ඉන්නේ මම මේ තරගය අසාර්ථක වුණොත් ඊළඟ තරගය ක්‍රීඩා කරන්න ලැබෙයිද, තේරීම් කමිටුව මාව කපන්නද ඉන්නේ කියලා අවිශ්වාසයෙන්. නායකයාගෙන් මට සහයෝගය තියෙයිද කියලා ප්‍රශ්නයක. ඒ කාලේ කළුවිතාරණට මම කිව්වා ඕපන් ගහන්න, තරග කිහිපයක් අපි බලමු කියලා.
ඔයා අසාර්ථක වුණොත්, ඔයා ක්‍රීඩා කරපු තැනම ඔයාට තියෙනවා කියලා. කළු පළවෙනි තරගෙන්ම ලකුණු හැත්තෑ ගාණක් ගැහුවා. සනත්ව ඕපන් කරනවාටත් කැමති වුණේ නැහැ කට්ටිය. නමුත් අපි ඍජුව තීරණ ගත්තා. අද එවැනි ක්‍රමවේදයක් නැහැ. මම දන්නවා සනත් ලොකු කැපවීමක් කරනවා කියලා. නමුත් මට හිතෙනවා මීට වඩා වෙනස් විය යුතුයි කියලා. අපි දැක්කා පසුගිය කාලේ චමින්ද වාස් ආපු දවස්වල ක්‍රීඩකයෝ පරිපාලනය කරන්න ගත්තා.
අපේ කාලේ වාස්, ප්‍රමෝද්‍ය, දුලීප් ලියනගේ, පුෂ්පකුමාර මේ ක්‍රීඩකයෝ පැය එක හමාරක් පුහුණුවීම්වල පන්දු යවනවා. අඩුම තරමේ දවස් තුනක් පුහුණුවීම් කරනවා. හැබැයි කිසිම ආබාධයක් තිබුණේ නැහැ.ඒකට තමයි කියන්නෙ 'ක්‍රිකට් ෆිට්නස්' කියලා. මේ බඩක් ගැනයි, ඔලුව ගැනයි කථා කරන්න අවශ්‍ය නැහැ.
මම දකින්නේ නැහැ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවක් තියෙනවා කියලා. ඇතැම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි ක්‍රීඩා කරන කාලෙට වඩා ගොඩක් දේවල් අද ක්‍රීඩකයන්ට ලැබෙනවා. ක්‍රීඩකයන් කණ්ඩායම වෙනුවෙන් කරන කැපවීමත් ඇද්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.
අලුත් දෙයක් තියෙනවා මේ ඉන්නෙ 'සංක්‍රාන්ති කාලයක' කියලා, මේ මොන බයිලද
අද ක්‍රිකට් දන්නැති පරිපාලනයක් තියෙන්නෙ කියලා මට ක්‍රීඩකයෝ කී දෙනෙක් කියලා තියෙනවා. ක්‍රීඩකයන්ට විශ්වාසයක් නැහැ අද ක්‍රිකට් පරිපාලනය කරන මිනිස්සු ක්‍රිකට් දන්නවාද කියලා. මේ හේතු නිසා රටක් හැටියට පසුගිය වසර දෙකේ ලොකු විනාශයකට පත්වුණා ක්‍රිකට් ක්‍රීඩාව.
ක්‍රීඩා ඇමතිතුමා බලන්න ඕන ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් අලුත් දෙයක් තියෙනවා මේ ඉන්නෙ 'සංක්‍රාන්ති කාලයක' කියලා. මේ මොන බයිලද. ඇයි ඕවා හැදුවෙ නැත්තේ, අවුරුදු දෙකක් තිස්සේ හදන්න තිබුණනේ. මේ ක්‍රිකට් පරිපාලනය තියෙනකම් කියයි අපි ඉන්නෙ 'සංක්‍රාන්ති කාලයක' කියලා. පට්ටපල් බොරුනේ, ඇයි මේ විහිළු කරන්නේ?
වසර ගාණක් හිටපු තේරීම් කමිටුව ඉන්නේ. මේව තමයි දුර්වලතා. තේරීම් කමිටුවේ තේරීම්වලට උපදෙස් දෙන්නේ ක්‍රිකට් ගහපු නැති අය. අද කියනවා ඒ ක්‍රීඩා සමාජවලට එන්න කියලා, ජාතික කණ්ඩායමට ගහන්න ඕනනම්.
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අභිමානයක් තිබුණා, අපි කවදාවත් බංග්ලාදේශයට සිම්බාවේට පරදින්නේ නැහැ කියලා. එවැනි රටකට එක් තරගයක් පරාජය වුවත්, එය ලැජ්ජාවක් වූවා. අද ඒ තත්ත්වය නැහැ. මේකෙ නරක තියෙන්නේ, මේක ගලාගෙන යනවා පහළට. උඩ පරදිනකොට පාසල්වලට සිටින වයස 12න් පහළ 15න් පහළ ක්‍රීඩකයන්ට ක්‍රිකට් එපා වෙනවා. අපේ කාලේ ක්‍රිකට් බලපු ප්‍රතිශතයෙන් මට හිතෙන්නේ දැන් 60%ක් විතර ක්‍රිකට් බලන්නේ නැහැ.
මම ක්‍රීඩාකරන කාලේ මම ටොකු ඇණලා තියෙනවා ක්‍රීඩකයෝ හදාගන්න
මම හැම වෙලාවෙම ක්‍රීඩකයන්ව බේරගන්න හදන්නේ. කනට ගහල හරි ක්‍රීඩකයන්ව හදාගන්න ඕන. මම ක්‍රීඩාකරන කාලේ මම ටොකු ඇණලා තියෙනවා ක්‍රීඩකයෝ හදාගන්න. අද එවැන්නක් නැහැ. මීට වැඩිය හොඳයි ඇඳුම් නැතුව එළියෙ දුවන එක.
අද ක්‍රිකට් ක්‍රීඩකයෝ 99% කලකිරිලා ඉන්නේ. ආණ්ඩුව හදපු මම කලකිරිලා ඉන්නකොට, ක්‍රීඩකයෝ කලකිරෙන එක සාධාරණයිනේ. අපට මේක හදන්න අමාරු නැහැ. එක යූ ටර්න් එකයි ගස්සන්න ඕන. ඒක ගස්සන්න දැඩි තීරණ ගන්න ඕන.
මේ බඩවලුයි, ඔලු ගැනයි, ෆිට්නස් ගැනයි, ජිම් එකට යන ඒව ගැන කථාකරලා වැඩක් නැහැ. ක්‍රිකට් අනන්‍යතාවක් තිබුණු රටක් මේක. අපි ඇන්දෙ මොනවද, රටේ කොඩියට දක්වපු ගෞරවය, ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියපු එකේ තිබුණු අභිමානය. අද ක්‍රීඩකයන්ගෙ ඒවා හදලා තියෙනවාද?
කැච් එකක් අල්ලගන්න හැටි කියලා දෙන්න බැරි පුහුණුරුවෙක්ව පත්කරලා තියෙනවා ජාතික පුහුණුකරු ලෙස
ක්‍රීඩකයෙක්ට කැච්එකක් අල්ලගන්න හැටි කියලා දෙන්න බැරි පුහුණුරුවෙක්ව පත්කරලා තියෙනවා ජාතික පුහුණුකරු (අන්තර්) ලෙස. ක්‍රිකට්වල තියෙන දැනුම කොයිතරම්ද කියලා හිතාගත්තැහැකි. ක්‍රිකට් ගැන පැහැදිලි දැක්මක් දර්ශනයක් නැති නිසයි එවැනි අය පත්කරන්නේ. උඩපන්දුක් අල්ලන්න පුරුදුකරන්න බැරි පුහුණුකරුවෙක්ට දෙනවා, මුළු ක්‍රිකට් එකම විනාශකරලා දීපන් කියලා. එක වැඩක් කරන්න බැරි අයට දෙනවා අනික් ටිකක් ඔක්කොම බලපන් කියලා. ඊට වැඩිය හොඳ පුහුණුකරුවෝ හිටියෙ නැද්ද. අද අපි සූදුවක් මේ කරන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd