බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග නම් කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස්ගේ පාදයේ පවතින ආබාධය සුව නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරයේ T20 තරඟාවලියේ ද උපුල් තරංග නායකත්වය දැරූ අතර ඒ හේතුවෙන් එළඹෙන බංග්ලාදේශය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඔහුව තෝරාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා සංචිතය - නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළිහිරු කුමාර, විකුම් සංජය බණ්ඩාර, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්