ඉන්දියාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැත්විස් තෝරා ගන්නේ නම් ඔහු එම තරගාවලියේදී පන්දු යැවීමට සූදානම් වෙමින් සිටින බව ශ්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (02දා) තරගය නිමා කරමින් පැවැති මාධ්‍ය හමුවේදීය.
මැතිව්ස් කලවයේ මෙන්ම කෙන්දේත් ආබාධයකට ලක්ව ඇති හෙයින් ඔහු මැනවින් කළමනාකරණය කළ යුතු බවත් ඔහු පැවැසීය.
"එක්දින තරගාවලියට ඔහු තෝරා ගන්නේ නම්, ඔහු පන්දු යැවීම සඳහා පුහුණු වෙමින් සිටිනවා. ඔහුට තියුණු ආබාධයක් වෙලා තිබෙන්නේ. එය ඔහුගේ කලවයේ පමණක් නොමෙයි කෙන්ඩේත් ඇතිව තිබෙන ආබාධයක්. ඔහු කරන දේ ගැන අපි ප්‍රවේශම් විය යුතුයි. ඔහු පරිස්සමින් කළමනාකරණය කරන්න ඕන. ඔහු දැළ තුළ පන්දුවාර 6ක් යොමුකළ. එය හොඳයි."