(UPDATE) එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 87ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. එංගලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 311ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 223ක් පමණි. නායක කේන් විලියම්සන් ලකුණු 87ක් රැස්කළේය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් ලියම් ප්ලන්කේට් කඩුලු 4ක් දවා ගත්තේය.
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 310ක් රැස් කිරීමට සමත්වූයේය. ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජෝස් බට්ලර් අර්ධ ශතක රැස්කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළේය. නවසීලන්තය වෙනුවෙන් කුරේ ඇන්ඩර්සන් හා ඇඩම් මිලන් කඩුලු තුන බැගින් දවාගත්හ. තරගයේ ජයග්රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 311ක් රැස්කළ යුතු වෙයි.