ලෝක කුසලාන තරාවලියේ තමා සහභාගිවූ පළමු තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට උරුගුවේ කණ්ඩායම සමත්විය. ඒ ඊජිප්තු කණ්ඩායමට එරෙහිවය. ඊජිප්තු කණ්ඩායමේ ප්රභලම ක්රීඩකයා වූ මොහොමඩ් සලාට ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්රීඩා කිරීමට නොහැකිවිය. තරගයේ 89 වැනි විනාජියේදී ජෝස් ගිමෙනෙස් ගෝලයක් වාර්තා කරමින් උරුගුවේ ජය තහවුරු කළේය.