උතුරු පළාතේ ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහ කණ්ඩායමක් යාපනයේ මන්ඩතිවු ප්‍රදේශයේ පසුගියදා (27දා) සංචාරයක නිරත විය.
කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මණ්ඩතිව් ප්‍රදේශයේ අක්කර 50කින් යුත් ප්‍රදේශයක අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් සහ ජාතික ක්‍රීඩා ඉසව් පැවැත්වීමට සුදුසු ක්‍රීඩාංගණයක්ද එහිදී සකස් කිරීමට පියවර ගෙන ඇති අතර, එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
රුපියල් මිලියන 100ක වියදමින් ඉදිවන මෙම ක්‍රීඩාංගණය 2022 වසරේ අගෝස්තුවේදී ආරම්භ කිරීමට නියමිත අතර, උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ම නියෝජනය වන පරිදි ක්‍රීඩකයන් තෝරා ක්‍රිකට් සංචිතයක් සකස් කිරීමත්, ජාත්‍යාන්තර තරගවලදී ඔවුන්ටද අවස්ථාව ලබා දීමත් මෙහි අරමුණ වී ඇත.
මෙහි ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී සුරත් වික්‍රමසිංහගේ ශිල්පීය දැනුම ලබාගැනීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සහ ජාතික ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීහු එක්ව සිටියහ.