මයිලෝ අන්තර්පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජනාධිපති කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් හිමි කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල ඊයේ(18) සමත් විය. ඒ තරගාවලියේ අද දෙවැනි අවසන් තරගයෙන් බම්බලපිටිය ශා.පීතර විදුහල පරදා ලකුනු 22-20 ක ජයක් හිමි කර ගනිමිනි.
කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවති තරගය පළමු අර්ධයේ පටන් ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය අවසනදී ලකුණු 19-12 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේ ඉසිපතන විදුහලයි.
ගෝල දිනුම් දෙකක් , උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ඉසිපතන විදුහල සිය ලකුනු රැස් කරද්දී ශා.පීතර සිය ලකුනු වාර්තා කලේ ගෝල දිනුමක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් ආධාරයෙනි.
මේ අනුව තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 24 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී කොළඹ ඉසිපතන හා මරදාන ශා. ජෝශප් දෙවිදුහල් අතර පැවැත්වේ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය