(UPDATE) ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති තරගයෙන් ලකුණු 124ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 41කදී පාකිස්තාන කණ්ඩායමට ලකුණු 289ක ජයග්රාහි ඉලක්කයක් හිමිවුවත් සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 164ක් පමණි. ආරම්භක පිතිකරු අසාර් අලී ලකුණු 50ක් රැස්කළ අතර එය පාකිස්තාන ඉනිහේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. ඉන්දියාව වෙනුවෙන් උමේෂ් යාදෙව් කඩුලු තුනක් බිඳ දැමිය.
ා
පාකිස්තාන කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 කදී කඩලු 3කට ලකුණු 319ක් රැස්කළේය. රෝහිත් ශර්මා, ශිකර් දවාන්, විරාත් කෝලි හා යුවරාජ් සිං අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 48කට සීමාවිය.
මෙවර ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනගෙන ඇති තරගයක් බවට පත්ව තිබෙන ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය ආරම්භවීමට තවත් ඇත්තේ ස්වල්ප වේලාවකි. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. මෙම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන එක්ව සිටියි.