(VIDEO) ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස කටයුතු නොකරන ලෙසත්, තරග පරදින විට දුක සිතෙන නමුත් ක්‍රීඩකයන් කැපකිරීමක් කරන බවත් ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
ඊයේ (27දා) පල්ලෙකැලේ පිටියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පරාජයට පත්වීමෙන් පසුව ප්‍රේක්ෂකයන් කළහකාරී ලෙස හැසිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ ජනපති හා අගමැති දැනුවත් කිරීමට යොමුකළ ලිපිය පිළිබඳව අදහස් දක්වමින් අද (28දා) සිය අමාත්‍යාංශයේදී මාධ්‍ය අමතමින් මේ බව කීය.
තරග දිනුවද, පැරදුණද සිනහවෙන් ගෙදර ගිය ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බවදඇමතිවරයා සඳහන් කළේය.
“ජනප්‍රියවීමේ කටයුත්තෙන් ක්‍රීඩකයන්ගේ විනය කඩකරන්න දෙන්න හොඳ නෑ. අපි දැක්කා පසුගිය කාලයේදී ක්‍රීඩකයන්ට අයාලේ යන්න දීලා පරිපාලනය ජනප්‍රිය වෙනවා.”
වීඩියෝ ක්‍රිෂාන් රණසිංහ