ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (06දා) නිමාවට පත්වූ ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනෙකු ආබධයන්ට ගොදුරු වූහ. පළමු ටෙස්ට් තරගයෙන් ආරම්භ වූ මෙය අවසන් එක්දින තරගය දක්වාම පැවැත්වීය. එම ක්‍රීඩකයන් 7 දෙනාටම වරින් වර තරගාවලිය අහිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම පිළිබඳව මේ හරහාම ප්‍රශ්නාර්තයක් මතුව ඇති අතර එය ක්‍රිකට් ක්ෂේත්රය උණුසුම් කළ මාතෘකාවක් බවටද පත්විය.
ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් ආබධයන්ට ගොදුරු නොවූ අතර ලෝකේෂ් රාහුල්ට අසනීප තත්ත්වයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණි.
තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 3-0ක්, එක්දින තරගාවලිය 5-0ක්, විස්සයි20 තරගය 1-0ක් ලෙස සමස්ත තරගාවලිය 9-0ක් ලෙස පරාජයට පත්වීය. ක්‍රිකට් ඉතිහාසයේදී සත්කාරක කණ්ඩායමක් එසේ පරාජයට පත්වූ පළමු අවස්ථාව වෙයි.
මීට ඉහතදී පාකිස්තාන කණ්ඩායම 2009/10 කාලයේදී ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් ටෙස්ට් 3-0ක්, එක්දින 5-0ක් හා විස්සයි20 තරගය 1-0ක් ලෙස පරජයට පත්ව තිබුණි.
01 අසේල ගුණරත්න - පළමු ටෙස්ට් තරගයේදී මව් අතේ මාටගිල්ල බිඳීමට ලක්ව තරගාවලියේ ඉවත්විය.
02 ණුවන් ප්‍රදීප් - දෙවැනි ටෙස්ට් තරගයේදි කලවයේ ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්විය.
03 රංගන හේරත් - කොන්දේ ආබාධය වර්ධන වීම හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළේය.
04 දිනේෂ් චන්දිමාල් - පළමු ටෙස්ට් තරගයට අසනීප තත්ත්වයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර එක්දින තරගාවලියේදි ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සීමිත පන්දුවාර තරගාවලියේ ඉවත්විය.
05 චාමර කපුගෙදර - කොන්දේ අබාධයකට ලක්ව අවසන් එක්දින තරග දෙක හා විස්සයි20 තරගය අහිමිවිය.
06 ධනුෂ්ක ගුණතිලක - උරහිසේ අබාධයකට ලක්ව එක්දින තරගාවලියෙන් කණ්ඩායමෙන් ඉවත්විය.
07 මිිලින්ද සිරිවර්ධන - කලවයේ ආබාධයකට ලක්ව විස්සයි20 තරගයට ක්‍රීඩා නොකළේය.