කේප්ටවුන් නගරයට මේ දිනවල බලපා ඇති උග්‍ර ජල හිඟය නිසා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග සංචාරයේ යෙදෙන ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දිනකට මිනිත්තු දෙකකට අඩුවෙන් ස්නානය කරන ලෙස දන්වා තිබේ.
පිළිපදින්නට අපහසු අණක් වුවද, මේ වන විට කේප්ටවුන් නගර වැසියන් පවා මුහුණ දෙමින් සිටින මෙම නීතිය ඉන්දීය ක්රීඩයන්ටද පනවා ඇතැයි පැවසේ.
මේ දිනවල කේප්ටවුන් නගරය පුරා ප්‍රචාරය කරවන ජලය ඉතිරි කිරීමේ පණිවුඩ අතරේ එක් ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස මෙය දක්වා තිබේ. තරග ආරම්භ කිරීමට පළමුව පවා දවස පුරා පුහුණුවීම් සිදුකිරීමෙන් පසුව හෝටලයට පැමිණෙන ක්‍රීඩකයන්ට මෙම පණිවුඩය දන්වා ඇත. මේ වන විට පළමු ටෙස්ට් තරගයත් අවසන්ව ඇති මුත් කේප්ටවුන් හී ජල අර්බුදයේ තියුණු වෙනසක් දැකි නොහැක.
වියළි කාලගුණයක් පවතින කේප්ටවුන්හි මෙම නීතියට අවනත වීම අපහසු වුවත් උග්‍ර ජල අර්බුද ඇති ප්‍රදේශවලින් පැමිණෙන ඉන්දීය ක්‍රීඩකයන් මෙම තත්ත්වය වටහා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
http://indianexpress.com/ ඇසුරෙනි.