ශ්රී ලංකාවේ පැවැත්වෙන අවුරුදු 17 න් පහළ ක්රිකට් තරගාවලියට එක්වීම සඳහා පැමිණි ඉන්දීය ක්රිකට් ක්රීඩකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
එම කණ්ඩායම නැවතී සිටි පමුණුගම හෝටලයක පිහුනුම් තටාකයේ පිහිනීමේ නිරතව සිටින විට එක් ක්රීඩකයෙකු මෙයේ දියේ ගිලී ජීවතක්ෂට පත්ව ඇත.
අවුරුදු 12ක් වන ඉන්දියාවේ ගුජරාටයේ පදිංචි ක්රීඩකයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (05දා) සවස අනතුර සිදුව තිබෙන අතර අද (06දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
ශ්රී ලංකා තරග සංචාරය සඳහා ඉන්දීය ක්රීඩකයන් 19ක් පැමිණ ඇත.