'නිදහස් කුසලාන^ පන්දුවාර විස්සයි20 තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම සමගින් තරග වදින්නේ කවුරුන්ද යන්න අද (16 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී තීරණය වනු ඇත.ඒ අද තරගය ජය ගන්නා කණ්ඩායමට ප්‍රසාද ලකුණු දෙකක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමට අවස්ථාව හිමිවන බැවිණි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු වටයේ තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමිකර ගන්නට බංග්ලාදේශ කණ්ඩායමට අවස්ථාව උදා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු යැවීම හේතුවෙනි. ඒ කෙසේ වෙතත් අද පැවැත්වෙන දෙවැනි වටයේ අවසන් තරගයට එවැනි අතපසුවීම්වලට කිසිදු ඉඩක් නොමැත. අතපසුවීම් වැඩි වශයෙන් සිදුකරන කණ්ඩායමට නියත වශයෙන්ම 'නිදහස් කුසලානය' ජය ගැනීමේ සිහිනය අත් හැරගන්නට සිදුවේ. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තම උපරිමයෙන් ක්‍රීඩා කර මෙරට ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට උත්සාහ කළ යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මේ දක්වා ලකුණු අතර සිටින කුසල් මෙන්ඩිස් මෙන්ම කුසල් ජනිත් අද තරගයේදීද සිය වගකීම් කොටස මැනවින් ඉටුකළහොත් තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් අපහසුවක් නොවනු ඇත. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ යුතුය. එහෙයින් අද තරගයේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු අතරට අවතීර්ණ වෙමින් දීර්ඝ ඉනිමක් ක්‍රීඩාකර මෙරට ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුකරනු ඇතැයි විශ්වාස කළ හැක.
ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවක්ව ඇත්තේ පන්දු යවන්නන් තවමත් සුපුරුදු රිද්මයේ නොසිටීමයි. එබැවින් අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දැනෙන යමක් කළ යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නෙකු ලෙස වැඩි බලාපොරොත්තු තබා සිටින අකිල ධනංජයගෙන් තවමත් කණ්ඩායමට දැනෙන යමක් සිදු නොවීම ගැටලුවකි. ඔහු අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් කණ්ඩායම අපේක්ෂා කරන දක්ෂතා අතරට අවතීර්ණ විය යුතු යැයි අප විශ්වාස කරන්නෙමු. තවද අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවසන් අවස්ථාව මෙය බැවින් භාග අවස්ථාවන්ද උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගැනීමට පන්දු රකින්නන් උත්සාහ කළ යුතුය.
බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක සකීබ් අල් හසන් අබාධයෙන් පසුව සම්පූර්ණයෙන් සුවය ලබා නැවතත් කණ්ඩායම සමගින් එක්ව සිටින බව ඊයේ (15දා) වාර්තා වුණි. ඒ අනුව ශකීබ් අද පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතී. එය එසේ වුවහොත් එය බංග්ලාදේශ කණ්ඩායමේ ශක්තිය තවත් වැඩි කරවන්නකි. ශකීබ් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බැවින් ඔහුගේ පැමිණීමත් සමගින් කණ්ඩායම තව තවත් සමබර කරගැනීම ඔවුනට පහසුය. තවද ශකීබ් යනු තරග දිනවන්නෙකු බැවින් ඔහුගේ පැමිණීම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේද මානසික ශක්තිය වැඩි කරවන්නට හේතුවක් වනු ඇත. එය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් හිතකර තත්ත්වයක් නම් නොවේ.
තරගය අද (16දා) ප.ව. 7.00 ආරම්භ වේ.