සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ආරම්භවීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියත්, තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියෙත් නායකත්වයට තිසර පෙරේරා පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
උපුල් තරංග නායකත්වයෙන් ඉවත්කර ඒ වෙනුවට තිසර පෙරේරා පත්කිරීමට නියමිතය. උපුල්ගේ නායකත්වය යටතේ ශ්රී ලංකාව 5-0ක් ලෙස වයිට්වොෂ් තුනකට ලක්විය.
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමත් සමග උපුල් තරංග මේ වසරේ ජුලි මාසයේදී තරංග සීමිත පන්දුවාර නායකත්වයටත්, චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත්කළේය.
එහිදී තරංග නායකයෙක් ලෙසත් පිතිකරුවෙක් ලෙසත් අසාර්ථක විය. තවද ඔහු නියමිත කාලයට පන්දුවාර නොයැවීමට අපොහොසත්වීම හේතුවෙන් අවස්ථා දෙකකදී තරග තහනම්වලට ලක්විය.