ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා (නොවැම්බර් 25දා) නිමා වන විට ඉන්දීය කණ්ඩායම සම්පුර්ණයෙන්ම තරගය පාලනය කිරීමට ම සමත්ව තිබුණි. ඒ ආරම්භක පිතිකරු මුරලි විජේගේ ශකයත්, චෙටෙස්වාර් පුජාරගේ ශතකයත් නිසාවෙනි.
දෙවැනි දිනය නිමා වන විට පුජාරා සිය 14 වැනි ශතකය රැස්කරමින් නොදැවී පිටියේ රැඳී සිටියේය. පන්දු 221ට ලකුණු 128ක් රැස්කරගෙන සිටි මුරලි විජේ දැවී ගියේය. කෙසේ වෙතත් මුරලි අද රැස්කළේ සිය 10 වැනි ටෙස්ට් ශතකය වෙයි. පුජාරා නොදැවී පන්දු ලකුණු 121ක් රැස්කළෙ පන්දු 284ටය. මේ ඉනිම් හේතුවෙන් ඉන්දියාව පන්දුවාර 98කදී 312/2ක් ලෙස සිය ඉනිම නිමා කළේයව. ඒ අනුව ඉන්දියාව තවත් කඩුලු 8ක් ඉතිරිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 107ක් ඉදිරියෙන් සිටියි.පුජාරා සමග නොදැවී කඩුල්ලේ රැඳී සිටින විරාත් කෝලි ලකුනු 54ක් රැස්කරගෙන සිටියි.
අශ්වින්, ජඩේජා හා ඉෂාන්ත් ශර්මා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 205ට සීමාකළේය. විකට්ටුයේ එතරම් ඉලිප්පීමක් නොතිබුණි. ශ්‍රී ලංකා පන්දු යවන්නනට සාධාරණය ඉටුකිරිම වෙනුවෙන් මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් සාරථකව පන්දු රැක්කේය.
කෙසේ වෙතත් ඒ වන විට පිටියේ රැඳී සිටියේ හොඳින් ස්ථාවර වූ පිතිකරුවන් දෙපළකි. ඊයේ සවස රාහුල් දැවී යාමෙන් පසුව පුජාරා හා විජේ පිටියට එක්වූහ. ඒ වන විට ඉන්දිය කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 11ක් රැස්කරගෙන සිටි අතර ඉන්දියාව තවත් ලකුණු 194ක් පසුපසින් සිටියේය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 209ක සබඳතාවක් පවත්වමින සිටින විට මුරලි විජේ රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ 76 වැනි පන්දුවාරයේදී දැවී ගියේය. ඉන් අනතුරුව කෝලි පිටියට පිවිසි අතර ඔහු පුජාරා සමග එක්ව ලකුණු ලබාගැනිමේ වේගය වර්ධනය කළේය.
මෙවර පුජාරා හා විජේ අතර පැවැතියේ 9 වැනි ශතක සබඳතාවයි. ඔවුන් දෙදෙනා ඔස්ට්‍රේලියාවට එරෙහිවද 2013 වසරේදි ලකුනු 370ක සබඳතාවක් පැවැත්වීය. ඉන්දිය පිතකරුවන් යුගළ අතරින් ලකුණු 2000ට අඩු සබඳතාවක් ලබාදී ඇති යුගය වන්නේද ඔවුන්ය.ෙ
දඟ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙන මුරලි විජේට රංගන හේරත්ගෙන් නම් බේරුමක් හමුවීමට අවස්ථාව නොලැබුණි. තම නාමය ඉදිරියේ කඩුලු 405ක් දවාගෙන ඇති හෙරත් සිය 14 වැනි පන්දුවාරයේදී මුරලි විජේ දැවී ගියේය.
විජේ හා පුජාරා පන්දුවහර පහරදෙන වේගය ගැන එතරම් නොතැකුවේය. නමුත් ඩිල්රුවන් පැමිණීමෙන් පසුව එය වෙනස්විය. ඉන්දියාව ලකුණු 100ක පෙරමුණක්ද ගත්තේය.
තේ පැන් පානයෙන් පසුව විජේ ශ්‍රී ලංකාවට අවස්ථාවක් දුන්නේය. ඒ පෙරේරාගේ පන්දුවක් හමුවේය. තමන් වෙත් හා උඩපන්දුව රැක ගැනීමට පෙරේරාට නොමහැකිවිය.
සිය ශතකය සම්පූර්ණ කිරීමෙන් ටික වේලාවකට පසුව විජේ දැවී ගියේය. නමුත් පුජාරා ඉවසීමෙන් තවමත් කඩුල්ලේ රැඳී සිටියි. ඔහු තවත් ශතයක්ද සම්පූර්ණ කිරිමට සමත්විය. විජේගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නායක කෝලි වේගයෙන් ලකුණු රැස්කරමින් ලකුණු 300 සීමාවට ඉන්දියාව රැගෙන ගියේය.