UPDATE
සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 304 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ළහිරු කුමාර ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් දවා ගැනීමට ජඩේජා සමත් වූයේ මොහොමඩ් සාමි අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. දෙවැනි ඉනිමේදීද නොදැවුණු ක්‍රීඩකයා වූ ඩිල්රුවන් පෙර්රා ලකුණු 21 ක් රැස් කරගෙන සිටියේය. කෙසේ නමුත් ඊයේ (28) ඇගිල්ලේ ආබාධයකට ලක් වූ රංගන හේරත් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවට පහර දීමට නොපැමිණී අතර අසේල ගුණරත්නගේ ඇගිල්ලේ ආබාධයද හේතුවෙන් තවත් කඩුළු 2 ක් අතැතිව තිබියදීම සිය ඉනිම අවසන් කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍ර අෂ්වින් කඩුළු 3 බැගින් දවා ගැනිමට සමත්වූය. තරගයේ වීරයා සම්මානය ශිකර් දවාන් විසින් හිමි කර ගත්තේය
මේ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ඉන්දියාව ඉදිරියෙන් පසුවේ.
ශ්‍රී ලංකා ඉනිම
උපුල් තරංග - 10
ධනුෂ්ක ගුණතිලක - 2
කුසල් මෙන්ඩිස් -36
ඇන්ජලෝ මැතිව්ස් - 2
නිරෝෂන් දික්වැල්ල -67
දිමුත් කරුණාරත්න -97
නුවන් ප්‍රදීප් -0
ළහිරු කුමාර - 0
දිල්රුවන් පෙරෙරා (නොදැවී) - 21
ඉන්දියාව පන්දු යැවීම
මොහොමඩ් සාමි - 1/43 (පන්දුවාර 9)
උමේෂ් යාදව් - 1/42 (පන්දුවාර 9)
රවීන්ද්‍ර ජඩේජා - 3/71 (පන්දුවාර 24.3)
රවිචන්ද්‍ර අෂ්වින් - 3/65 (පන්දුවාර 27)
හර්දික් පාණ්ඩ්‍යා - 0/21 (පන්දුවාර 7)
දිමුත් ශතකය අභියසදී ඉනිම අවසන් කරයි
සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්ක සිය 6 වැනි ටෙස්ට් ශතකය අභියසදී දැවී ගියේය. පන්දු 208 කදී වාර්තා ලකුණු 97ට හතරේ පහර 9 ක් ඇතුළත් විය. ඔහු දැවී ගියේ රවිචන්ද්‍ර අෂ්වින්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි නුවන් ප්‍රදීප්ද ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යැවිමට අෂ්වින් සමත් වූය් කෝලි අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිල්රුවන් පෙරේරා ලකුණු 16 ක් රැස් කරගෙන සිටියි. කෙසේ නමුත් අංක 7 පිතිකරුවා වන රංගන හේරත් පන්දුවට පහරදීමට නොපැමිණීයේය.
ශ්‍රී ලකාව-240/7
ශතක සබඳතාව අවසන් කරමින් දික්වැල්ල දැවී යයි.
සංචාරක ඉන්දීය කණ්ඩායමෙන් ලැබුණු ලකුණු 550 ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ 5 වැනි කඩුල්ල ලෙසින් නිරෝෂන් දික්වැල්ල දැවී ගියේය. මිනිත්තු 113 ක් කඩුල්ලේ රැඳී සිටි දික්වැල්ල පන්දු 94 කට මුහුණු දුන් අතර ඔහු දැවී ගියේ රවිචන්ද්‍ර අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුළු රකින් ක්‍රීඩක රිද්දිමාන් සාහා අතට උඩ පන්දුවක් ලබා දෙසිනි.
කෙසේ වෙතත් ඔහු දිමුත් කරුණාරත්න සමගින් පස්වැන කඩුල්ලට ලකුණු 101 ක සබඳතාවක් පැවැත්වූයේ පන්දු 165 ක් තුළදීය. මේ වන විට ශ්‍රී ලංකාව කඩුළු 5 කට ලකුණු 224 ක් රැස් කරගෙන සිටින අතර නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 91 ක්ද දිල්රුවන් පෙරේරා ලකුණූ 6 ක්ද රැස් කරගෙන සිටියි.
ශ්‍රී ලංකාව ද්විත්ව ශතකය වාර්තා කරද්දී දික්වැල්ල අර්ධ ශතකය රැස් කරයි
සංචාරක ඉන්දීය කණ්ඩායමෙන් ලැබුණු ලකුනු 550 ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 200 සීමාව ඉක්මවීමට සමත් විය. මිනිත්තු 238 කදී වාර්තා වූ මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පන්දුවාර 58.3 ක් වැය විය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුනු 86 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 55 ක් රැස් කරගෙන සිටියි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලංකා කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සිය ටෙස්ට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය. පන්දු 82 කදී ඔහුගෙ අර්ධ ශතකය වාර්තා විය.
දික්වැල්ල හා දිමුත් ශ්‍රීලංකා ඉනිමට පාරාවළල්ලක් වෙයි
දිමුත් කරුණාරත්න හා නිරෝෂන් දික්වැල්ලගේ ඉවසිල්මත් පිතිහරඹය නිසා සංචාරක ඉන්දියාව සමගින් ගාල්ලේදීපැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ලකුණු 550 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය වන විට කඩුළු 4 ක් දැවි ලකුණු 192 ක් රැස් කරගනෙ සිටියි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුනු 85 හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 48 ක් රැස් කරගෙන සිටියි.
ඔවුන් දෙනෙනා පස්වැනි කඩුල්ලට නොබිඳුනු ලකුණු 86 ක සබඳතාවක් මේ වන විට පවත්වා ගෙන සිටියි.
මැතිවස් ගෙන් අන