ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය ජුලි මසයේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ තරගාවලියේ නිමාවත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නැගී සිටීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා පුහුණුකර නික් පෝතාස් පවසයි.
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (20දා) නිමිවූ පළමු ටෙස්ට් තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එදේම පාකිස්තාන තරගාවලියේ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී සිටීම පෙන්වන බවත් පෝතාස් සඳහන් කළේය.
“ක්‍රියාවලිය ඇත්තටම ආරම්භ වුණේ ශ්‍රී ලංකාවේදීයි. ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවෙන් ගියාට පස්සේ ක්‍රියාවලිය ආරම්භ වුණා. අපි සූදානමින් හිටියේ. එවැනි දෙයක් එක් රැයකින් වෙන්නේ නෑ. අපි පාකිස්තානයට එරෙහිව හොඳ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කළා. අපි ඉන්දියාවේදී හොඳින් ක්‍රීඩා කළා. නමුත් අපිට යන්න දිගු ගමනක් තිබෙනවා. මේ කණ්ඩායම අනාගතයේදී හොඳ කණ්ඩායමක් වේවි. ඒ ගැන සැකයක් නෑ.”