ශිකර් ධවාන් හා විරාත් කෝලිගේ නොනවතින පිතිහරඹය ඉදිරියේ අසරණ වූ දකුණු අප්‍රිකාව පරදා ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම පිවිසීමට ඉන්දියාව සමත්විය.
ඒ ඊයේ (11දා) කෙනිංන්ටන් ඕවල්හිදී පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් හිමි කරගනිමිනි. තරගාවලිය් %බී^ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය පැවැත්විණි.
තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගැනීම දෙපිලටම අවශ්‍යව තිබූ අතර ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දුවාර 38 කදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන යනතෙක් රැඳී සිටි විරාත් කෝලි නොදැවී ලකුණු 76 ක්ද යුවරාජ් සිං නොදැවී ලකුණු 23 ක්ද රැස්කළහ.
ඉන්දීය ඉනිම ආරම්භ කරමින් රෝහිත් ෂර්මා හා ශිකර් ධවාන් පිටියට පිවිසියත් රෝහිත්ට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට මෝනි මෝකල්ගෙන් අවස්ථාවක් නොලැබිණි.
නමුත් ඉන් අනතුරුව විරාත් කෝලි සමගින් එක්වූ ධවාන් දෙවැනි කඩුල්ලට ලකුණු 127 ක සබඳතාවක් පැවැත්වූහ. නැවතත් සාර්ථකවූ ධවාන් එහිදී ලකුණු 78ක් රැස්කළේය.
තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ඉන්දීය නායක විරාට් කෝලි පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් සිය පළමු ඉනිමට පන්දුවාර 44.3කදී සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස්කළේය. දකුණු අප්‍රිකානු ඉනිමට සාර්ථක ආරම්භයක් ක්වින්ටන් ඩි කොක් හා හෂීම් අම්ලා ලබාදුන්නද මැදපෙළ පිතිකරුවන්ගෙන් ඊට අවැසි දායකත්වය නොලැබිණ. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ක්වින්ටන් ඩි කොක් ලකුණු 53 ක් රැස්කළේය.
එහිදී අවසන් ලකුණු 51 තුළදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් 8 දෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දියානු පන්දු යවන්නෝ සමත්වූහ.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් හා ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.
තරගයේ වීරයා සම්මානය ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ ජස්ප්‍රීට් බුම්රාහ්ට හිමිවිය.
දකුණු අප්‍රිකාව 191/10 (පන්දුවාර 44.3)
ක්වින්ටන් ඩිකොක් 53 (72,4x4), ෆෆ් ඩු ප්ලසිස් 36 (50,4 x1), බුවනේෂ්වර් කුමාර් 2/23(7.3), ජස්ප්‍රිට් බුම්රාහ් 2/28(08)
ඉන්දියාව 193/2 (38)
ශිකර් ධවාන් 78 (50,4x1,6x1), විරාට් කෝලි 76 (නොදැවී) (50,4x1,6x1), මෝනි මෝකල් 1/38 (7), 1/37 (6)