UPDATE
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දී්‍ය කණ්ඩායම අද (20දා) සමත්විය. ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 216ක ඉලක්කය පන්දුවාර 28.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යෑමට ඉන්දීය කණ්ඩායම සමත්විය. දැවී ගිය එකම ක්‍රීඩකයා වූ රෝහිත් ශර්මා ලකුණු 4කට දුවද්දී දැවී යෑමකට හසුවිය.
ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 23ක් ලෙස සටහන් වූ අතර පසුව නායක විරාත් කෝලි හා ආරම්භක පිතිකරු ශිකර් දවාන් දෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 197ක සබඳතාවක් පවත්වමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. විරාත් නොදැවී ලකුණු 82ක් රැස්කළ අතර සිය එක්දින දිවියේ 11 වැනි ශකය රැස්කළ ශිකර් දවාන් ලකුණු 132 නොදැවී රැස්කළේය.
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 216 කට සීමා වෙයි
මැද පෙළ හා පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය නිසා සංචාරක ඉන්දියාව සමග පවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා ඉනිම පන්දුවාර 43.2 කදී ලකුණු 216 කට සීමා විය. මේ අනුව ඉන්දියාවට ජයග්‍රහණයට ලකුණු 217 ක ඉලක්කයක් හිමිවේ.
ශ්‍රි ලංකා ඉනිමේ අවසන් කඩුළු 9 ම ලකුනු 77 ක් තුළ දවා ලීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූ අතර එහිීදි ශ්‍රි ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් 6 දෙනාම ක්‍රීඩාගාරයට ගියේ ලකුණු 10 සීමාවට ලගා නොවෙමින් වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් ලක්ෂාන් සඳකැන් ලකුණු 5 සීමාවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ආක්ෂාර් පටෙල් සමත් වු අතර ඉන් පසු ලකුනු 8 ක් ලබා සිටි ලසිත් මාලිංග දැවි ගියේ යුස්වේන්ද්‍ර චහාල්ගේ පන්දුවකට මහේන්ද්‍ර සිං දෝනි විසින් ස්ටම්ප් කිරීමකට හසුවය.
ශ්‍රි ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් විශ්ව ප්‍රනාන්දු ලකුණු නොලබා සිටියදී දැවීගියේ ජස්ප්‍රීට් බුම්ාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදිමෙනි.
ඉන්දියාව වෙනුවෙන් ආක්ෂාර් පටෙල් කඩුළු 3 ක් දවා ලූ අතර ජස්ප්‍රීට් බුම්රා , කේදර් ජදාව් හා යුස්වේන්ද්‍ර චහාල් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියේය.
ශ්‍රී ලංකා ඉනිම
මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණයෙන් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙයි
සංචාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 39 ක් තුළ දවා ලීමට ඉන්දීය පන්දු යවන්නන් හා පන්දු රකින්නන් සමත් විය.
මුළු ලකුණු සංඛළුාන 139 (පන්දුවාර 24.3) දී නිරෝෂන් දික්වැල්ලගේ දැවී යාමෙන් අනතුරුව 150 දී කුසල් මෙන්ඩිස් (පන්දුවාර 27.1) ලකුනු 35 කට දැවි ගියේ ආක්ෂාර් පටෙල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෛනි ,ඉන් අනතුරුව මුළු ලකුණු 166 දී උපුල් තරංග (ලකුණු 13) කේදාර් ජදාව් ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවීගිය අතර ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් එක් ලකුණක් ලබා සිටි චාමර කපු ගෙදර මුළු ලකුණු සංඛ්‍යාව 169 දී දුවද්දි දවා ගැනීමකට ලක් වූයේ විරාත් කෝලිගේ දක්ෂ පන්දු රැකීම නිසාවෙනි.
කෙසේ වෙතත් වනිඳු හසරංගට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2 ක් වන අතර ආක්ෂාර් පටලේගේ පන්දුවකට කේදාර් ජදාව් අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 2 ක් එක් වද්දී ලකුණු ලබා ගැනීම ආරම්භ කොට නොතිබූ තිසර පෙරේරා දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලෛ් වැදිමෙනි.
මේ වන විට ශ්‍රී ලංකාව කඩුළු 7 ක් දැවී ලකුනු 178 ක් ලබා අසීරු තත්වයේ පසුවෙයි.
මුල් පෙළ පිතිකරුවෝ ශ්‍රී ලංකාව 150 සීමාවට රැගෙන යයි
සංචාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ ඉන්දීය ඇරයුමින් පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව පන්දුවාර 27 කදී සිය ලකුනු 150 සීමාව ඉක්මවීමට සමත් විය.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක්ද නායක උපුල් තරංග ලකුණු 5 ක්ද රැස් කරගෙන සිිටියි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ලකුණු 64 ක් රැස් කරගත් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල කේදාර් ජදාව් ගේ පන්දුවක් හමුනේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
දැවී ගිය ක්‍රීඩකයන්
ධනුෂ්ක ගුණතිලක 35 (පන්දු 44) ;
නිරෝෂන් දික්වැල්ල 64 (පන්දු 74)
දික්වැල්ල පස්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරයි
සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සිය එක්දින දිවියේ 5 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 65 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 5 අන්තර්ගත විය.
නොදැවී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 26 ක් ලබා සිටියි.
මුළු ලකුණු සංඛ්‍යාව 74 දී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 35 ක් රැස් කරගෙන සිටි ධනුෂ්ක ගුණතිලක දැවී ගියේ යුස්වේන්ද්‍ර චහාල් ගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව සිය ලකුණු 100 සීමාව පන්දුවාර 18.2 කදී ඉක්මවීමට සමත් විය.
මේ වන විට ශ්‍රී ලංකාව පන්දුවාර 23 කදී එක් කඩුල්ලකට ලකුණු 132 ක් ලබා සිටියි.
දැවී ගිය ක්‍රීඩකයන්
ධනුෂ්ක ගුණතිලක 35 (පන්දු 44)
ශ්‍රී ලංකා ආරම්භක සබදතාව සාර්ථකයි
සංචාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ ඉන්දීය ආරාාධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකාව පන්දුවාර 10 සීමාව වන විටදී කිසිවෙකු නොදැවි ලකුණු 55 ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනුෂ්ක ගුණතිලක පන්දු 33 කීද ලකුණු 29 ක් හා නිරෝෂන් දික්වැල්ල පන්දු 27 කදී ලකුණු 22 ක් රැස් කරගෙන සිටියි. ශ්‍රී ලංකාව සිය ලකුණු 50 සීමාව ඉක්මවීමට සමත් වූයේ පන්දුවාර 8්.5 කදීය.
ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියෙ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. තරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු එක්දින වරම් හිමිකරගත්තේය.
ලසිත් මාලිංග අද (20දා) එක්වෙන්නේ සිය 200 වැනි එක්දින තරගටය. මලිංගට සිය 300 වැනි එක්දින කඩුලු සීමාව පසුකර යෑම සඳහා තවත් අවශ්‍යව අතේතේ කඩුලු දෙකක් පමණි.