(UPDATE) ශූරයන්ගේ කුසලාන දෙවන අවසන් පූර්ව ක්රිකට් තරගයේ ජයග්රහණය තමා සතු කර ගන්නට ඉන්දියාව සමත් විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමිනි. එම ජයග්රහණයත් සමගින් ඉන්දීය කණ්ඩායම ශූරයන්ගේ කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ 4වන අවස්ථාව ලෙස මෙය හැදින්විය හැකිය.
ඒ අනුව ලබන ලබන ඉරිදා (18දා) පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ පකිස්තානය සුදුසුකම් ලබා සිටී.
කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ ඇරයුමින් ප්රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50තුල කඩුලු 07ක් බිඳවැටී ලකුණු 264ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්රීඩා කල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 40 පන්දු 1ක් තුල එක් කඩුල්ලක් පමණක් බිඳවැටී 265ක් ලබාගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 7ක් දැවී ලකුණු 264ක් රැස්කළේය. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් හා නායක මුෂ්ෆිකාර් රහීම් අර්ධ ශතක රැස්කළේය. බුවනෙෂ්වර් කුමාර්, ජස්ප්රීට් බුම්රා හා කේඩාර් ජාඩෙව් කඩුලු දෙක බැගින් දවාගත්හ.
ශූරයන්ගේ කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර එජ්බැස්ටන් ක්රිකට් ක්රීඩාංගණයේදී අද (15දා) පැවැත්වෙයි.
ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි ප්රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට ලබාදුනි.
කණ්ඩායම් දෙකම පෙර තරගවලට ඉදිරිපත් කළ ක්රීඩකයන් මෙම තරගයට ඉදිරිපත් කර තිබේ.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන ඉරිදා (18දා) පාකිස්තානය සමග අවසන් මහා තරගයට ක්රීඩා කිරීමට නියමිතය.