සංචාරක ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුනු 141ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමටත් ඉන්දියාව සමත්විය. මොහාලි පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම කඩුලු 4ට ලකුණු 392ක් රැස්කළේය. නායක රෝහිත් ශර්මා ද්විත්ව ශතකයක් (208*) රැස්කිරීමට සමත්විය.
එය ඔහුගේ තෙවැනි ද්විත්ව ශතකය වෙන අතර ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ එකම ක්රීඩකයාද රෝහිත් වෙයි. ලකුණ 393ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු අටක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 251ක් පමණි.
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 111ක් රැස්කිරීමට සමත්විය.