ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ කණ්ඩායම බවට ඉන්දීය කණ්ඩායම පත්ව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාවට මෙම ස්ථානය හිමිව ඇත.
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති තුන්වැනි එක්දින තරග ඉන්දියාව ජයගැනීමත් සමග ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණියේය. තරග පහකින් සමන්විත ඉන්දු ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය මේ වන විටත් තරග 3-0ක් ලෙස තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම්හි අටවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මේ අනුව ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්ව සිටි දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයට පැමිණ තිබේ. ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන්නේ ද ඉන්දියාවයි. අංක එකේ විස්සයි20 කණ්ඩායම වන්නේ නවසීලන්තයයි.
ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි හත් වැනි ස්ථානයේත්, විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි අටවැනි ස්ථානයේත් පසු වෙයි.