ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තරගයෙන් ලකුනු 17ක ජයක් ලබමිනි.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 176/3 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 159/6ක් පමණි.
අනිද්දා ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
ඉන්දීය කණ්ඩායම 176/3 (පන්දුවාර 20)
රෝහිත් ශර්මා 89 (පන්දු 61)
ශිකරු ධවාන් 35 (පන්දු 27)
සුරේෂ් රයිනා 47 (පන්දු 30)
රූබල් හුසෙන් 27/2 (පන්දුවාර 4)
බංග්ලාදේශය 159/6 (පන්දුවාර 20)
තමීම් ඉක්බාල් 27 (පන්දු 17)
මුෂ්ෆිකාර් රහීම් 72 * (පන්දු 55)
සබීර් රෙහනාන් 27 (පන්දු 23)
වොෂින්ටන් සුන්දර් 22/3 (පන්දුවාර 4)