ශ්රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගය කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී අද (03දා) ආරම්භ විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු දිනට තරගය අත්හිටු වන විට කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 344ක් (පන්දුවාර 90) රැස්කර ප්රබල තත්ත්වයක පසු විය.
මේ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින චෙතේෂ්වර් පුජාරා ලකුණු 128ක් හා අජික්යා රහානේ ලකුණු 103ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට 211ක සබඳතාවක් ගොඩනැගීමට සමත්ව සිටියි.
ශ්රී ලංකාව වෙනුවෙන් රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා එක් කඩුල්ල බැගින් දවාලූහ. මෙම තරගයේදී තුන් ඉරියව් ක්රීඩක මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් වරම් දිනාගැනීමට සමත් විය. පන්දුවාර 19.2ක් අද දිනයේදී යොමු කළ අතර, ලකුණු 82ක් වැයකර ඔහුට කිසිඳු කඩුල්ලක් බිඳලීමට නොහැකි විය. හෙට තරගයේ දෙවැනි දිනයයි.