ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රවී ශාස්ත්රි පත්කිරීමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව 2019 වසරේ එංගලනතයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය තෙක් ඔහු පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
නව පුහුණුකරු වශයෙන් රවී ශාස්ත්රි ඉන්දීය කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරයේදී සිය රාජකාරී නිල වශයෙන් ආරම්භ කරනු ඇත.
ඉන්දීය ක්රිකට් නායක විරාත් කෝලි සමග ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පසුව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේ සිය තනතුරින් ඉල්ලා අස්වීය.
රවී ශාස්ත්රි ඉන්දීය කණ්ඩායමේ අධ්යක්ෂ ලෙසද කටයුතු කර තිබේ. ඔහු ටෙස්ට් තරග 80කදී හා එක්දින තරග 150කදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇති හිටපු ක්රීඩකයෙකි.