ඉන්දියාවට මීලඟට පැවැත්වීඹට නියමිත තිවිශාල ක්රිකට් තරගාවලි දෙකක් පැවැත්වීමේ අවස්ථාව අහිමිවීමේ තත්ත්වයක් ඇතැයි වාර්තාවෙයි. ඒ ඉදිරි වසර පහ තුළ පැවැත්වීමට නියමිත 2021 චැම්පියන්ස් කුසලානය සහ 2023 ලෝක කුසලානයයි. මෙම සිදුවීමට හේතුව වන්නේ එරට බලපැවැත්වෙන බදු අර්බුදයකි. මෙයට හේතුව ඉන්දියානු රජය විසින් අයිසීසියට බදු නිදහසක් ලබා නොදීමයි. මේ හේතුව නිසා අයිසීසීයට ඇමරිකානු ඩොලර් මිිලයන සියයක පමණ පාඩුවක් වීමේ අවධානමෙන් මිදීමට, මෙම තත්ත්වය නොවිසඳුනහොත් එම කලමනාකාරීත්වයට තරගාවලි පැවැත්විම වෙනුවෙන් විකල්ප ස්ථාන සෙවීමට පැවරීමට අයිසීසියේ පාලනාධිකාරය තීරණය කර ඇත.
2016 වසරේ චැම්පියන්ස් කුසලානය පැවැත්වීමෙන්ද ඉන්දියාවේ මෙම බදු ලිහිල් නොකිරීමේ හේතුව මත අයිසීසිය ඇ.ඩො මිලියන 20කට අධික ප්රමාණයක් අහිමි වීමේ හේතුවද මේ සමග ඉහළට ඇදී ඇත. නමුත් මෙලෙස බදු නිදහස් කරහෝ මෙම තරගාවලි පැවැත්වීම මගින් ඉන්දියාවට විශාල වාසි සංචාරක කර්මාන්තය ඇසුරින් ඇතිවිය හැක. එම මුදල් ප්රමාණය බදු මුදලින් උපයාගන්නා ප්රමාණයට වඩා අධික අගයක් ගනු ඇතැයි දැක්වෙයි.
මෙම තත්ත්වය අනුව ඉන්දියාව හා එකම කාල රාමුවක පිහිටන ශ්රී ලංකාව සහ බංග්ලාදේශයටද සැළකිය යුතු අවධානයක් යොමුවී ඇත.