ඇෆ්ගනිස්තානයේ විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ අශාන් ප්‍රියන්ජන තවදුරටක් ඈෆ්ගනිස්තානයේ රැඳී සිටිමින් එම තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ. ඒ පසුගිය සතියේදි ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමගින් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරගාවලියෙන් ඉවත්ව නැවතත් සිය රටවල් බලා යෑමට තීරණය කිරීමත් සමගිනි.
මේ වන විට එම තරගාවලියට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු හා සිම්බාබාවේ ක්‍රීඩකයන් 7ක් හා එක් පුහුණුකරුවෙක් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට තීරණය කර තිබේ.