සිය තෙවැනි ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව මෙවර දිනා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සමත් විය. ඒ ඊයේ (10) ඒකළ අංශයේ පැවති අවසන් මහා තරගයේදී දකුණු අප්රිකාවේ කෙවීන් ඇන්ඩර්සන් තරග වට 3-0 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි.
තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුනේ 6-3,6-3 ක් හා 6-4 ක් ලෙසිනි.
මෙම වසරේ ප්රංශ විවෘත ටෙනිස් ශූරතාවද දිනා ගත් නඩාල් මේ සමගින් සිය ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ප්රමාණය 16 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර ඔහු ලොව වැඩිම ග්රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා ගත් ක්රීඩකයින් අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටියි. නඩාල් මෙවර දිනා ගත්තේ ඔහුගේ තෙවැනි ඇමරිකානු විවෘත ශූරතාවයි
එහි පෙරමුණේ රැදී සිටින්නේ ග්රෑන්ඩ්ස්ලෑම් ශූරතා 19 ක් දිනා සිටින ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ය.