ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් වහාම ක්රියාත්මක වන පරිදි එයින් ඉවත්වි තිබේ. ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 නායකත්වයෙන් මැතිව්ස් ඉවත්වූ බව වාර්තා වෙයි.
සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියේ පරාජයේ වගකීම භාරගෙන මැතිව්ස් මෙසේ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වෙනවා. ඔහු ක්රිකට් තේරීම් කමිටුව සමගද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
ටෙස්ට් තරග 34කදී, එක්දින තරග 98කදී හා විස්සයි20 තරග 12කදී මැතිව්ස් ශ්රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේය.
ඒ අනුව කණ්ඩායමේ නව නායකයා හෙට (12දා) පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කරනු ඇති බව වාර්තාවෙයි.