ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදී තේරීම් සඳහා ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා හා අසේල ගුණරත්න ඇතුළත් කර ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා පැවැසීය. ක්‍රිකට් ආයතයේ ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ආබාධවලට ලක්වීම හේතුවෙන් පසුගිය පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය මෙම ක්‍රීඩකයන් තිදෙනාටම අහිමිවිය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු වසර අවසානයේදී තෝරා ගැනීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා සඳහන් කළේය. එසේම ඒ සම්බන්ධයෙන් තාවකාලක පුහුණුකරු නික් පෝතාස්ද සමගින් ඇතුළුව තවත් දෙතුන් දෙනෙකු සමග සාකච්ඡා පවත්වන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේය.