ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරජයත් සමග ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කණ්ඩායමට විවේචන එල්ල කළේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව, ඔවුන්ගේ බාහිර පෙනුම මෙන්ම ක්‍රීඩකයන් නිතර නිතර ආබාධයට පත්වීම පිළිබඳව සඳහන් කරමිනි.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂයෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ බාහිර පෙනුම විවේචනය කරමින් පැවැසුවේ බොහෝ ක්‍රීඩකයන්ගේ උදරය ඉදිරියට පැමිණ ඇති බවත් කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ ක්‍රීඩකයන්ට ක්‍රීඩාවට උචිත ශරීරයක් බාහිරින් නොවන බවද පවසමනි.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කර තිබුණේ ඔහු ශාරීරික ව්‍යායාම් වල යෙදෙන ආකාරය පිළිබඳවය.
ඒ සඳහා ඔහු " ලොව කුරිරරු විය හැකි නමත් ඔබට ළගා කර ගැනීමට අවශ්‍ය දේ කාටවත් නැවැත්විය නොහැකියි. ඉතින් තීරණය කරන්න එය යථාර්ථයක් කරගන්න" යනුවෙනි