පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා ඉන්දීය ක්‍රිකට් ආයතය අතර ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මත ගැටුම හේතුවෙන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මෙවර තරගාවලියට ඉන්දියාව සත්කාරකත්වය දැරීමට නියමිතව තිබුණත් ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති මත ගැටුම් හේතුවෙන් අවසානයේදී එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබේ.
ඉන්දියාව පාකිස්තාන කණ්ඩායමට සත්කාරකත්වය දැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳවද අවධානය යොමුකර තිබුණි.
ආසියානු කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේ ඉන්දියාවයි. මෙවර තරගාවලිය සැප්තැම්බර් මස 15 දා සිට 29 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙනු ඇත.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය යන රටවල් හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය, හොං කොං, නේපාලය හා ඕමානය යන රටවල් අතර පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් ජය ගන්නා රට ප්‍රධාන තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.
ආසායානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීම අද (10දා) මැලේසියාවේදී පවත්වා ඇත.