විවිධ ක්රීඩා හපන්කම් කළ හැකි කොළඹ දිස්ත්රික්කයේ විසිරී සිටින ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරන ආබාධිත මලල ක්රීඩා තරගාවලිය අනිද්දා (28දා) දවස පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට කොළඹ දිස්ත්රික් මූලස්ථාන සමාජ සේවා අංශය කටයුතු යොදා තිබේ.
සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කොන්දේසි හා ඒ ඒ ප්රාදේශීය ලේකම්වල සේවයෙහි නියුතු සමාජ සේවා නිලධාරීන්ගේ අනුමැතිය ලැබෙන ස්ත්රී/පුරුෂ ආබාධිත පුද්ගලයන්ට මෙහි තරග වෙත ඉදිරිපත් විය හැකිය.
මෙම තරගාවලියෙන් ජයග්රහණය කරන ප්රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගන්නා අයට ඔක්තෝබර් 20 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ආබාධිත පුද්ගල ජාතික මලල ක්රීඩා උලෙළේ තරගයන්ට ඉදිරිපත් වීමට අවස්ථාව උදාවේ.
මෙහි තරග අංශයන් තරග ඉසව් 52ක් ඔස්සේ පැවැත්වෙන අතර, වයස 15න් පහළ හා වයස අවුරුදු 15 න් ඉහළ තරග අංශ දෙකකින් යුක්ත වන අතර,
මේ සඳහා 200කට අධික ක්රීඩික ක්රීඩිකාවන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
විජේරත්න ඕපනායක