ප්‍රකට යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මහතා යතුරුපැදි ධාවන තරගයකදී අනතුරට ලක්ව මියයෑම සම්බන්ධව විමර්ෂණය කිරීමට විශේෂ කමිටුවක් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක මිල්ටන් අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුත් එම කමිටුවක ක්‍රීඩා අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන් සිවුදෙනෙකු ඇතුළත්ය.
නුවරඑළියේ පැවැති යතුරු පැදි තරගයකට එක්ව සිටි ආනන්ද වෙඩිසිංහ මහතා එහිදී සිදුවූ අනතුරකින් පසුව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.
ඔහුගේ මරණයට තරග සංවිධානය කළ සංවිධායකයන්ගෙන් සිදු වූ අතපසු වීම් හේතුවක් බව පවුලේ උදවිය, ක්‍රීඩා ක්ෂේත්රයේ පිරිස් චෝදනා එල්ල කළේය.