Update
ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට සති 4 කට අධික කාළයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාරු අසංක ගුරුසිංහ මහතා තහවුරු කලේය. ඔහු ඊයේ සවස පැවති මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කරමින් පැවසුවේ අසේළගේ වම් අතේ අස්ථි බිඳීමකට ලක් වී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට අද රාත්‍රී ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවත්ය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් අසේලට ඉන්දියාව සමග ඉදිරියේදී පැවැත්වෙන සියළුම තරගාවලි අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත.
අසේළ ගාල්ලෙන් කොළඹට
ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතරතුරදී වම් අතෙහි ආබාධයකට ලක් වූ අසේළ ගුණරත්න කොළඹට රැගෙන විත් ඇත. මෙහිදී අසේළගේ අතේ ආබාධය විශේෂඥ වෛ්ද්යවරයෙකුට පෙන්වීමෙන් අනතුරුව ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් අසේලගේ සහභාගීත්වය තීරණය කිරීමට නියමිත බව ආරංචි මාර්ග මගින් පැවසේ.
කරගයේ 14 වැනි පන්දුවාරයේදී ශිකර් ධවාන් විසින් ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අසේල මෙලෙස වම් අතෙහි අස්ථි බිඳීමකට ලක් විය.
අසේල ආබාධයකට - තරගය අහිමිවෙයි
සංචාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න අතේ ආබාධයකට ලක් වී ඇත.
ඉන්දීය පිතිකරු ශිකර් දවාන් විසින් ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහුගේ වම් අතේ මහපටැගිල්ලේ අස්ථි බිඳිමකට ලක් වී ඇති අතර මේ හේතුවෙන් ඔහුට පළමු තරගයම අහිමි වන බවද නිළ නොළත් ආරංචි මගින් දැක්වේ. එසේම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමටත් ක්‍රිකට් ආයතනය කටයතු කර තිබේ.