රවිචන්ද්‍ර අෂ්වින්ගේ ප්‍රභල දඟ පන්දුව හමුවේ ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිමට රැස් කළ ලකුණු 622 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව තරගයේ දෙවැනි දිනය නිමා වන විටදී කඩුළු 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේ පන්දුවාර 20 ක් වැය කරමිනි.
නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුනු 8 ක් ද රැස් කරගෙන සිටියි. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට මේ වන විට නොදැවුණු ලකුණු 17 ක සබඳතාවක් පවත්වා ගෙන සිටියි.
ශ්‍රී ලංකා ඉනිම ලකුනු ආරම්භ කිරීමට ප්‍රථම ඉනිමේ පළමු කඩුල්ල ලෙස උපුල් තරංග ලකුනු නොලබාම ක්‍රීඩාගාරයට හැරී ගියේ අෂ්වින්ගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
දිමුත් කරුණාරත්නටද අද දිනයේ වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 33 ක් වන විටදී අෂ්වින්ගේ පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහනේ අතට උඩ පන්දුවක් දෙමින් කරුණාරත්න දැවී ගියේ ලකුණු 25 කටය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9 කට ලකුණු 622 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීම.
අද දිනය ආරම්භ වන විට කඩුළු 3 කට ලකුණු 344 ක් රැස් කරගෙන සිටි ඉන්දීය ඉනිමට තවත් ලකුණු 278 කඩුළු 6 ක් තුළදී එක් කිරීමට ඉන්දීය පිතිකරුවන් සමත් වූහ. එහිදී විශිෂ්ඨ ශතක දෙකක් රැස් කිරීමට චේතේෂ්වර් පුජාරා (133) හා අජින්ක්‍යා රහනේ (132) සමත් වූහ. ශ්‍රී ලංකාව වෙනුවනේ පන්දු යැවීමෙන් රංගන හේරත් කඩුළු 4 ක් දවා ලීය.
ඉන්දීය පළමු ඉනිම
ශ්‍රී ලංකා පන්දු යැවීම
ශ්‍රී ලංකා ඉනිම