පාකිස්තාන සීමිත පන්දුවාර තරගවලදී නවක පන්දු යවන්නන් දක්වන දක්ෂතාව හේතුවෙන් ඔවුන්ගේ ජයග්‍රාහී ගමන අඛණ්ඩඩ ජයග්‍රහණයක් බවට පත්ව ඇත. සිකුරාදා (ඔක්තෝබර් 27දා) ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී පාකිස්තාන ජයග්‍රහණයේ නියමුවන් බවට පත්වූයේ ෆාහිම් අශ්රෆ් හා ෂාඩබ් ඛාන්ය. දෙවැනි තරගයේ ජයත සමගින් තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියත් 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කිරීමට පාකාස්තාන කණ්ඩායම සමත්විය.
කඩුලු ත්‍රිත්වයක් සමගින් සිය පන්දුවාර 3 ලකුණු 16කට සීමා කළ ෆාහීම් ශ්‍රී ලංකාවේ පරාජය නියතයක් බවට පත්කළේය. එය පාකිස්තාන පන්දු යවන්නෙකු විස්සයි20 පිටියේදී ලබාගත් පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින්ද වාර්තා අතරට එක්විය. පාකිස්තාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 6ට ලකුණු 13ක් අවශ්‍ය විය. ශාඩබ් ඛාන් විකුම් සංජයගේ සිවුවැනි පන්දුවට හයේ පහරක් එල්ල කළ අතර ඊළඟ පන්දුවේදි පාකිස්තානයට ජයග්‍රහණය ගෙන දුන්නේය. ඒ අනුව පාකිස්තානය පන්දුවාර 19.5කදී තරගය අවසන් කළේය.
ශාඩබ් පන්දු 8ට ලකුණු 16ක් රැස්කළ අතර ඔහු හයේ පහරක් හා එක් හතරේ පහරක් වාර්තා කළේය.
“මෙය මම පළමු පෙළ තරගවලදී කර තිබෙනවා” යැයි ශාඩබ් පැවැසීය. “ මම හිතමින් හිටියේ තරගය ජයග්‍රහණය කරන්නයි. මම අවසන් පන්දුවාරයේදී හයේ පහරක් එල්ල කළා. පන්දුවාර විස්සයි20 තරගවලදී ඔබට විවිධත්වයක් තිබෙන්න ඕන. ඒකයි මම කළේ”
දෙවැනි තරගයේ ජයග්‍රහණයත් සමගින් පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය මැරුණු තරගයක් බවට පත්ව ඇත. පාකිස්තානයට නැවතත් ජාත්‍යන්ත ක්‍රිකට් රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම වසර 8කට පසුව නැවතත් පාකිස්තානයට පැමිණ තිබේ.
මද වේග පන්දුයවන අශ්රෆ් විස්සයි20 පිටියේදි කඩුලු ත්‍රිත්වයක් දවාගත් හය වැනි පන්දු යවන්නා ලෙස මෙහිදී වාර්තා අතරට එක්විය. පන්දුවාර 16.1කදී එක් කඩුල්ලකට ලකුණු 106ක් ලෙස පැවැතුණු ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු අට පන්දු 20කදී ලකුණු 18කට දැවී ගියේය. ඒ ෆාහීම්ගේ සුපිරි පන්දු යැවීම හමුවේය. ශ්‍රී ලංකාව කඩුලු 9ට ලකුණු 124ක් රැස්කළේය.
කෙසේ වෙතත් පාකිස්තානයේ කඩුලු හතරක් ලකුණු 55ක් තුළ දවාගනිමින් ලකුණු සංඛ්‍යාව ආරක්ෂාකර ගැනීමට හොඳ තරගයක් ලබාදුන්නේය. තිසර පෙරේරා කඩුලු තුනක් දවාගත්තේ ශොයිබ් මලික්ද ලකුණු 9කට සීමා කරමිනි.
සර්ෆාස් අහමඩ් 28 හා මොහොමඩ් හෆීස් 14 රස්කරමින් පාකිස්තානය ජයග්‍රාහී මාවතට ගෙන ආවේය. 19 වැනි පන්දුවාරය යොමුකළ ඉසුරු උදාන ප්‍රතිවාදීන්ට ලකුණු 4ක් ලබාදෙමින් තරගය විවෘත් කළේය. නමුත් අවසන් පන්දුවාරයේදී ශාඩබ් හා හසන් අලී ක්‍රියාත්මක වෙමින් පාකිස්තානයට නොතිබූ ජයක් ගෙන දුන්නේය.
ආරම්භයේදි ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළේය. තනි ලකුණු ලබාගනිමින හා අවශ්‍ය අවස්ථාවලදී හතරේ හා හයේ පහර එල්ල කමින් කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකාව ඉනිම ගොඩනැංවීය. ධනුෂ්ක ගුණතිලක (ලකුණු 51 (පන්දු 48), හතරේ පහර 4, එයේ පහර 1) වාර්තා කළේය.ඔහු ඩිල්ෂාන් මුණවීර සමගින් පළමු කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් පැවැත්වීය.
කෙසේ වෙතත් ඩිල්ෂාන් මුණවීර දුවද්දි දැවී යාමකට හසුවීමත් සමග ආරම්භක සබඳතාව අවසන්විය.
එක්දින පිටියේදි අසාර්ථක වුවත් විස්සයි20 පිටියේ සාර්ථක වූ සදීර සමරවික්‍රම (පන්දු 31, ලකුණු 33) රැස්කරමින් දෙවැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාක් පැවැත්වීය.නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවස්ථා තුනකදී දුවද්දි දැවී යාම් සඳහා ගොදුරු විය.සදීර, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා දුවද්දී දැවී යාම් සඳහා ගොදුරු විය.
පසුව අශ්රෆ් ඉසුරු උදාන (6), මහේල උඩවත්ත හා දසුන් ශානක පිට පිටම දවාගනිම්න් ශ්‍රී ලංකා ඉනිම අවසන් කළේය.