(VIDEO) තමා ක්රීඩා කරන කාලසීමාවේදී ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩකයන් තෝරා ගනිද්දී ඔවුන්ගේ කළමනාකරුවන්, ආගම, ජාතිය හෝ වර්ණය පිළිබඳව සොයා නොබැලූ බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
මිරර් ක්රිකට් වෙබ් අඩවිය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"ක්රීඩකයන්ගේ විශ්වාසය තරමක් පහතට යන අයුරු දක්නට ලැබෙනවා. පසුගිය මාස කිහිපය තුළ වැදගත් උඩපන්දු රාශියක් ගිලි හී ගියා. තරුණ ක්රීඩකයන්ට කණ්ඩායමේ ස්ථාවරත්වයක් නැතිවීම ගැටලුවක්. අපි ඔවුන්ව ගෙනවිත් පසුව ඔවුන්ව එළියෙන් තියනවා.
අපිට එල්ල වූ චෝදනා ප්රතික්ෂේප කරනවා. එක කළමනාකරුවෙකුට චෝදනා එල්ල කිරීම අසාධාරණයි. තවත් කළමනාකරුවන් 10ක් ක්රීඩකයන් කළමණාකරය කරමින් ඉන්නවා.
අපි ක්රීඩකයන් තොරාගනිද්දී ඔවුන්ගේ කළමනාකරුවන්, ආගම, ජතිය, වර්ණය හා ඔවුන්ගේ වටපිටාව ගැන බැලුවේ නෑ. ශ්රී ලංකාවට සුදුසු ක්රීඩකයන් කණ්ඩායමට තෝර ගත්තා. අපි ලෝක කුසලාන පහක අවසන් තරග වලට පැමිණියා. එක් ලෝක කුසලානයක් ජයගත්තා. අපි නිරන්තරයෙන්ම දක්ෂතා අතර සිටි කණ්ඩායමක්."